තාජුඩීන් ඝාතනය වු දිනයේ ශිරන්තිගෙන් පොලිසියේ ඉහළ නිලධාරින්ට ටෙලිෆෝන් කෝල් 48ක්- රාජපක්ෂලාගේ කන්‍යාභාවය මහ දවල් නැතිකර ගත්තා

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ රගර් ක්‍රිඩක තාජුඩීන් ඝාතනය වෙච්ච දිනයේ පොලිසියේ ඉහළ නිලධාරින්ට ටෙලිෆෝන් කෝල් 48ක් අරගෙන තියන බවත් ඒ සම්බන්ධයෙන් වු වාර්තා සදහන් ව තිබේන බවත් ඒ සම්බන්ධයෙන් මේ දක්ව පරීක්ෂණ නැත්තේ ඇයිද යන්න එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කර සිටියා.

“කතා කරපු හැම මන්ත්‍රිවරයෙක්ම කිව්වේ පහුගිය ආණ්ඩුව කාලේ වෙච්ච දූෂණ ගැන. ඒවයේ නඩු යනවා නඩු කල් යනවා,FCID එකෙන් ෆයිල් එවලා තියනවා නීතිපත් දෙපාර්තමේන්තුවට ඒත් ඒවට නඩු දාන්නේ නෑ තියාගෙන ඉන්නවා. ඒවගේම තමයි තාජුඩීන්ගේ ඝාතනය ගත්තම ගිය මාසේ 27 වෙනිදා තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ ශිරන්ති රාජපක්ෂට එන්න කිව්වා කට උත්තරයක් ගන්න. 27 වෙනිදට එන්න කිව්වා යෝෂිත රාජපක්ෂට කට උත්ත්‍රයක් ගන්න. ආවේ නෑ ඒගොල්ලෝ. තවම ගියේ නෑ. තාජූඩීන්ගේ ඝාතනය ඝාතනයක් නෙමෙයි කියලා මරණ පරීක්ෂකවරයා විදියට ඒ තීන්දුව දීපු ආනන්ද සමරසේකරව තවම අත්තඩංගුවට ගන්නේ නෑ.නීතිපති දෙපාර්තමේන්තුවෙන් CID ය ඉල්ලනවා ඔහුව අත්තඩංගුවට ගන්න නියෝගය දෙන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුව ඒ නියෝගය දෙන්නේ නෑ. එහෙම නම් එදා වලෙන් ගොඩ දාලා මේ රටේ ජනතාවට යම් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ පවුලේ උදවියට යම් බලාපොරොත්තුවක් ඇති කලා තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ වෙච්ච අයව අත්තඩංගුවට ගන්නවා කියලා. අද අපිට පේනවා ක්‍රම ක්‍රමයෙන් මොකද්දෝ නොපෙනෙන හස්තයක් ඒ නඩුව යට ගහන්න අද වැඩකරගෙන යනවා. රවී කරුණානායක ඇමතිතුමාගේ ටෙලිෆෝන් එකේ තිබුණ දත්ත පිටු 8000ක් දවස් දෙකෙන් හොයන්න කොහොමද පුළුවන් උනේ. ශිරන්ති රාජපක්ෂ එදා තාජුඩීන් ඝාතනය වෙච්ච දවසේ ටෙලිෆෝන් කෝල් 48ක් අරගෙන තියනවා පොලිසියේ ඉහළ නිලධාරින් එක්ක කතා කරන්න. මේ වාර්තා තියනවා ඇයි පරීක්ෂණ නැත්තේ.