Home / පුවත් / කාගේ හිත් අමාරුකම් අදාළම නෑ… කොළඹ බස් රථ ධාවනයට වෙනසක්.. කාල රාමුව මෙන්න..

කාගේ හිත් අමාරුකම් අදාළම නෑ… කොළඹ බස් රථ ධාවනයට වෙනසක්.. කාල රාමුව මෙන්න..

“කාගේ හිත් අමාරුකම් ඇති වුනත් පොදු ප‍්‍රවාහන සේවයට මුල්තැන දීමට පුරුදු විය යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යා චම්පික රණවක පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මාර්ග තදබදයට අප විසඳුම් සෙවිය යුතුයි. පසුගිය දශකය තුළ පැවැති රජයන් මාර්ග තදබදයට විසඳුම් සෙව්වේ උමං මාර්ග, අධිවේගී මාර්ග ඉදිකරමින් ගුවන් පාලම් ඉදිකරමින්, නමුත් අත්‍යාවශ්‍ය තැන්වල ගුවන් පාලම් ඉදිවුනේ නැහැ. එම අධික වියදම් සහිත සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමෙන් වාහන තදබදය අවම කිරීමට නොහැකි වූ බව පැහැදිලියි.

වාහන තදබදය අවම කිරීමට නම් පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමක් විය යුතුයි, ඒ සඳහා පියවර 3 ක් අනුගමනය කිරීමට අප බලාපොරොත්තුවෙනවා.පළමු වැනි පියවර මහාපරිමාණ මට්ටමින් දුම්රිය, බස්රිය එකමුතු කරගෙන පොදු ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම. ඉන් එකක් වන කොට්ටාව බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මෙම වසරේදී ජනතා අයිතියට පත්කරනවා. බත්තරමුල්ලෙත් කොළඹ කොටුවෙත් ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරනවා. එමෙන්ම ලබන වසරේ කොළඹ තදාසන්න නගරයෙන් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

දෙවැනි පියවර ලෙස සැහැල්ලූ දුම්රිය හඳුන්වා දීම මෙම වසරේ මාළඹේ සිට කොටුව දක්වා ආරම්භ කරන අතර, කොටුවේ සිට කොල්ලූපිටිය දක්වා යා කෙරෙන මාර්ග ඇතුලූව මාර්ග 05ක් මෙම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා,

තෙවන පියවර නම් අපේ පොදු බස් සේවාව ශක්තිමක් කිරීම, එනම් බස් රථ සඳහාම ප්‍රමුඛතා ප‍්‍රවාහන තීරු හඳුන්වා දීම. ඒ වෙනුවෙන් තමයි දැන් අප කැපවී කටයුතු සැළසුම් කරමින් සිටින්නේ. මහාචාර්ය අමල් කුමාරගේ මැතිතුමාගේ මූලිකත්වයෙන් තවත් ආයතන ගණනාවක දායකත්වයෙන්, කොරියානු තාක්‍ෂණ උපදේශයන්ද එක්කර ගනිමින් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණා.

ඒ අනුව අපගේ පෙර අත්දැකීම් පාදක කර ගනිමින් අගෝස්තු 15 දින සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, අගෝස්තු 22 සිට කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 දින සිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන්හොල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙලට පාසල්, කාර්යාල ප‍්‍රවාහන සේවා ද ඇතුලත් කොට තිබෙන අතර එහි සාර්ථකත්වය මත ඊ ළඟ පියවර කරා ගමන් කරනවා.”

Patali Champika Ranawaka

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *