Home / Featured / ලක්ෂ්මණ් යාපා ගිය ඉස්කෝලේ මොකද්ද, ගණන් පාස් ද ෆේල් ද?- යහපාලනයේ රාජ්‍ය ඇමතිවරයෙක් වෙලත්…..ලැජ්ජායි!

ලක්ෂ්මණ් යාපා ගිය ඉස්කෝලේ මොකද්ද, ගණන් පාස් ද ෆේල් ද?- යහපාලනයේ රාජ්‍ය ඇමතිවරයෙක් වෙලත්…..ලැජ්ජායි!

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන බැඳුම්කර ගණුදෙණුවේ පාඩුව රුපියල් ට්‍රිලියනයක් බව පැවසීම ලැජ්ජාවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසයි.

ඊයේ (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා කියලා තිබුණා බැදුම්කර නිකුතුවෙන් වෙච්ච පාඩුව රුපියල් ට්‍රිලියනයකට වැඩියි කියලා. මම දන්නේ නෑ ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහත්තයා කොයි ඉස්කෝලෙට ගියාද ගණන් පාස් ද ෆේල් ද කියලා හැබැයි ගාණ නම් වැරදියි. ඒනිසා ලක්ෂ්මණ් යාපා අබේවර්ධන මහත්තයා ගැන අපිට නම් තියෙන්නේ ලොකු ලැජ්ජාවක්. එතුමා මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙක් විදියට ඉන්නවා. මේක නිවැරදි කළොත් හොදයි. මොකද නැත්තම් ලක්ෂ්මණ් යාපා අබේවර්ධන මහත්තයාට ගණන් බෑ කියලා ඔප්පු වෙනවා,” මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ඉදිරියේදි පසු පෙළ මන්ත්‍රීවරු විදියට අපි නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහ බෝඩ් අල්ලන් ඉන්න පුළුවන් වෙයි හොලෝකෝප් නඩුව වහා ඉවර කරනු, ඩේසි ආච්චිගේ මැණික් මල්ල වහා එළි කරනු, තාජූඩීන්ගේ නඩුව කවදද ඉවර වෙන්නේ අපිට දින දෙන්න කියලා,” යැයි සඳහන් කළේය.

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *