Home / Featured / ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලා, තව අය පෝලිමේ යයි- රවීව වීරයා කළාට ඔහුව අස්කළේ අභ්‍යන්තර ගැටුමයි

ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවිලා, තව අය පෝලිමේ යයි- රවීව වීරයා කළාට ඔහුව අස්කළේ අභ්‍යන්තර ගැටුමයි

වර්තමාන ආණ්ඩුවට මේ වන විට සිදු වී ඇත්තේ දෙයියන්ගේ හාල් කෑම  නිසා සිදු වී ඇති දේ බවත් රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා ඉල්ලා අස්වූ ලෙසටම අනිත් පිරිසත් පෝලිමේ ඉල්ලා අස්වීමට නියමිත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ තම ගමේ මිනිහා බවත් ආණ්ඩුව ඔහුට විරුද්ධව ගෙන ඒමට උත්සහ කරන විශ්වාසභංගයට සහය නොදෙන නමුත් ඔහු ආණ්ඩුව තුළ සිටම හම්බන්තොට වරාය බේරා ගැනීමට සිදු කරන අරගලයට සම්පූර්ණ සහය ලබා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසත් දැන් දැන් තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට අනිවාර්ය සහය ලබා දෙන බවත් පැවසු හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව මේ අවුරුදු තුන තුළදී සිදු කර ඇත්තේ පළිගැනීම පමනක් බවත් පෙන්වා දුන්නේය.

රවී කරුණානායක ඉල්ලා අස්වීම මගින් ඔහුව වීරයෙක් කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ දැරූවද සැබවින්ම සිදුවූයේ ජනතා අධිකරණය හමුවේ රවී කරුණානායක වැරදිකරුවෙකු වීම නිසා ඉල්ලා අස්වීමට සිදු වූ බවයි ඔහු මෙහිදි සඳහන් කළේ.

එසේම eඑක්සත්ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර සිටියේය.

Check Also

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක්….හපාලන ආණ්ඩුව නංගි පෙන්නලා මී ආච්චි දුන්නා…

ශ්‍රේෂ්ඨාධිකරණය හූරලා අයින් කරපු ලොතරැයියක් බවට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ (21) ...