Home / Featured / වංචාව,හොරකම, දූෂණය ඉහළ සිට පහළට ගලාගෙන ගිහින්…. විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් අපි කරපු වැඩ කරලා නෑ

වංචාව,හොරකම, දූෂණය ඉහළ සිට පහළට ගලාගෙන ගිහින්…. විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් අපි කරපු වැඩ කරලා නෑ

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (12) පෙරවරුවේ තලාව කී‍්‍රඩාංගණයේ පැවති මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරිමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා සදහන් කළේ කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බවයි.

විවේචන සහ චෝදන කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩ කොටසක් වත්මන් රජය ඉතා කෙටි කළක් තුළ රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකළ බවද ජනාධිපති සදහන් කළා.

රටේ බහුතරයක් ගොවි ජනතාවගේ සිහින මල්ඵල ගැන්වෙන මොරගහගන්ද ව්‍යාපෘතිය යටතේ පෙර රජ දවසින් පසු විශාල වැව් සංඛ්‍යාවක් එකවර රට තුළ ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඒ තුළින් එම ප‍්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවිත සමෘද්ධිය කරා ගමන් කරනු ඇති බවද ප‍්‍රකාශ කළා.

රජය ප‍්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යය සඳහා බවද අවධාරණය කර සිටියා.

මෙතෙක් කිසිදු රජයකින් විසදුමක් නොලැබුණු කැළිකසළ ගැටලූවට ද, යළිත් මේ රටේ බලයට පැමිණෙන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන ආකාරයෙන් ස්ථිර සාර විසදුමක් වත්මන් රජය යටතේ ලබන වසර වන විට කි‍්‍රයාත්මකවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඉතිහාසයේ ප‍්‍රථම වරට කැළිකසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ කටයුතු ද ආරම්භ කෙරෙන බව කියා සිටියේය. ඒ අනුව පළමු වටයේදී සහ දෙවැනි වටයේදී නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර නොමිළේ ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළා.

Maithripala Sirisena

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *