Home / Featured / ඡන්දයකට ගියෝත් ශ්‍රීලනිපය කූජිත වෙලා 3 වැනියා වෙනවා… මහියංගණේ මන්ත්‍රි ආණ්ඩුවට ගියා කියලා පම්පෝරි ගහනවා….එයා අපි එක්ක හිටියේ නෑ….

ඡන්දයකට ගියෝත් ශ්‍රීලනිපය කූජිත වෙලා 3 වැනියා වෙනවා… මහියංගණේ මන්ත්‍රි ආණ්ඩුවට ගියා කියලා පම්පෝරි ගහනවා….එයා අපි එක්ක හිටියේ නෑ….

මැතිවරණයකට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන්නේ තුන්වන තැනට පත්වීමට යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ මොහාන් පී ද සිල්වා පවසයි. රත්ගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිවල නිලධාරීන් සහ පාක්ෂිකයන් කැඳවා මන්ත්‍රීවරයාගේ නිවෙසේදී පවත්වනු ලැබූ රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළමු ජයග්‍රහණ නොලැබුණත් ඉදිරියේදී අපිට විශාල ජයග්‍රහණ අත්කර ගන්නට හැකියාව බලය තිබෙන් බවයි.

“අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබාගන්නට බැරිවුණොත් අපි දිගටම කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේයි. එජාපයෙන් ඉවත් වී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මැතිවරණයකට ගියත් රජයක් පිහිටුවන්න බැරිවුණා. 1956 නැවත මැතිවරණයකදී එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා.”

“පළමු මැතිවරණ ජය ගන්න බැරිවුණාට පක්ෂය අතහැර දැමුවේ නැහැ. දෙවැනි වතාවේ තරගකර ජයගෙන රජයක් පිහිටුවනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු මේ දක්වා පවත්වාගෙන යනවා.මහියංගණේ මන්ත්‍රි කෙනෙක් ආණ්ඩුවට ගියා කියලා පම්පෝරි ගහනවා. ඒ මන්ත්‍රිවරයා අපිත් එක්ක හිටපු කෙනෙක් නෙවෙයි.”

Mohan De Silva

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...