Home / Featured / රෑට ප්‍රවෘත්ති බැලුවම හිතෙනවා ඊලඟ දවසේ ආණ්ඩුව පෙරෙලෙයි කියලා…විජයදාසට,ෆයිසර්ට විශ්වාසභංග ආවත් අපි අත්සන් කරන්නේ නෑ

රෑට ප්‍රවෘත්ති බැලුවම හිතෙනවා ඊලඟ දවසේ ආණ්ඩුව පෙරෙලෙයි කියලා…විජයදාසට,ෆයිසර්ට විශ්වාසභංග ආවත් අපි අත්සන් කරන්නේ නෑ

විජයදාස රාජපක්ෂ හා ෆයිසර් මුස්තාපාට යන අමාත්‍යවරුන්ට එරෙහිව ගෙන ඒමට යන  විශ්වාසභංග යෝජනාවන්ට කිසිවිටක සහය නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අද එනකොට මම දැක්කා තමුන්නාන්සේලා ලියුම් ගොඩක් ගෙනත් තියනවා. වැඩි දෙනෙක් කියලා තියෙන්නේ සමෘද්ධි කැපිලා කියලා. අම තමුන්නාන්සේලාට කියන්න කැමතියි කිසිදෙනෙකුගේ සමෘද්ධිය කැපෙන්නේ නෑ. මේ දුප්පත් මිනිස්සුන්ගේ සමෘද්ධිය කපලා ආණ්ඩුවට ඉතුරු කරගන්න තියන්නේ නැහැ. ඒවගේම තමයි මේ දවස්වල මාධ්‍ය බලාගෙන ගියාම මනස නිකම් විකෘති වෙනවා. රෑට ප්‍රවෘත්ති බැලුවම හිතෙනවා ඊලඟ දවසේ ආණ්ඩුව පෙරෙලෙයි කියලා. කොච්චර කාලයක් දීලා තියනවද? පෙරලනවා නම් පෙරලන්න එපැයි. මේවා බොරු දේවල්,”

“ජනාධිපතිතුමා බලයට පත්වෙලා තියනවා. ආණ්ඩුවක් තියනවා. ඒ තියෙන ආණ්ඩුවෙන් වැඩ කරගැනීම තමයි කරන්න ඕන. ආණ්ඩුව ඇතුලේ විවිධ මතභේද තියෙයි, විවිධ අදහස් තියෙයි. මතභේද තියෙයි, නමුත් රටක් විදියට ඉස්සරහට යනකොට අපි ඒවා බාධාවන් විදියට පිළිගන්නේ නෑ. විවිධ කතා යනවා. මේ දවස්වල යනවා විශ්වාසභංග ගැන. විජයදාසට ගේනවලු, ෆයිසර්ට ගේනවලු මම දන්නේ නෑ ඒවා විශ්වාසභංග යෝජනා ගෙන එන්න ඕන කාරණාද කියලා. අපි නම් ඒවා අත්සන් කරන්නෙත් නැහැ. අත්සන් කරලත් නැහැ. ඒවා කතා විතරයි මම හිතන්නේ නැහැ එහෙම දේවල් ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් සාධාරණ කාරණයක් මත ගෙනාවොත් පුද්ගලයාගේ ප්‍රශ්නයක් නැහැ අපිට. අපේ පැත්තේ ඉන්නවද එහා පැත්තේ ඉන්නවද කියලා නැහැ ජනතා මුදල් කොල්ලකාලා වංචා කරලා නම් අපි ඒවට අත්සන් කරලා විතරක් නෙමෙයි පෙනි ඉදලා ඒවායෙන් නෙරපන්නත් අපි පෙරමුණ ගන්නවා කියලා කියන්න ඕන,” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Mahinda Amaraweera – මහින්ද අමරවීර

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...