ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් නෑ….උතුරේ සිද්ධීන් පසුපස LTTE සමාජිකයන් නෑ

0

උතුරේ දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම LTTE සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය අනපේක්ෂිත වු සිදුවීමක් බවයි.

මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු LTTE සමාජියකු සම්බන්ධවී නොමැති බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.

උතුරේ පුනරුත්තාපනය නොවු LTTE සමාජිකයින් පසුගිය කාලයේ ඇති වු යම් යම් සිද්ධීන් වලට සම්බන්ධයක් තිබේද යන්න මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියා.

එයට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා සදහන් කළේ උතුරේ පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයින් 1963 දෙනකු සිටින බවත් තවත් 200 දෙනකු පමණ යම් යම් හේතු මත පුනරුත්ථාපනය වී නොමැති බවත් එම පිරිස පුනරුත්ථාපනය නොවුවද උතුරේ ඇති වු සිද්ධීන් වලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයන් ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

Commander of the Army, Lieutenant General Mahesh Senanayake