Home / Featured / හැමෝම මගෙන් අහනවා කොහේද මේ සැටලයිට් එක තියෙන්නේ කියලා…ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අභ්‍යවකාශ දැනුම නැහැ…මම technical director මිසක් කොම්පැණී director නෙවේ…

හැමෝම මගෙන් අහනවා කොහේද මේ සැටලයිට් එක තියෙන්නේ කියලා…ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අභ්‍යවකාශ දැනුම නැහැ…මම technical director මිසක් කොම්පැණී director නෙවේ…

එලියේ බොහෝ පිරිසක් සිතා සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) යනු වද දීමෙන් හෝ කරදර කිරීම මගින් ප්‍රශ්න විචාරණ ස්ථානයක් නොවන බවත් ඔවුන් කටයුතු කරන්නේ ඉතාමත් මිත්‍රශීලී ලෙස බවත් හිටපු ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්ෂ පවසයි.

ඊයේ (15) FCIDයට Supreme Sat One සැටලයිට් චන්ද්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත රාජපක්ෂ,

“හැමෝම මගෙන් අහනවා කොහේද මේ සැටලයිට් එක තියෙන්නේ කියලා. මේ කට්ටියත් මුලින්ම ඇහුවේ සැටලයිට් එක තියෙන්නේ කොහේද කියලා. ඉතින් මම මුල ඉදලා මම පැහැදිලි කළා. ඉතින් පැය පහමාරක් තිස්සේ මට explain කරන්න වුණා, මොකද එතන හිටපු කට්ටිය ගොඩක් දෙනෙකුගේ ඒ කියන්නේ ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අභ්‍යවකාශ දැනුම නැහැ. මේ subject එක පිළිබඳව ඉංජිනේරුවෙක් හැටියට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා මම විතරයි space system engineering. සෑහෙන්න සුහදව තමයි කතා කළේ. එලියේ හිතනවා වගේ මෙතන මේ කරදර දීලා වදදීලා කරන ස්ථානයක් නෙමෙයි.”

“මම ඒ කොම්පැණියේ වැඩකරපු කෙනෙක් විතරයි. මගේ designation එක තියෙන්නේ technical director කියලා. මේ කට්ටිය හිතන්නේ මම කම්පැණි එකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ඒක ඉතින් පැහැදිලි කරලා දුන්නා. ඒ අයත් පිළිගත්තා. මුදල් ගැන මගෙන් ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ මොකද ඒ කට්ටිය ගාව විස්තර ටික ඇති මේ ලංකාවේ කිසිම මුදලක් එලියට පිටවෙලා නෑ කියන එක,” යැයි පවසා සිටියේය.

SupremeSAT

 

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...