Home / Featured / රවී මාට්ටු වෙනකොට කියනවා කොමිසම හොදයි…-එයාලා කටු කන්නේ නෑ….එතකොට කන්නේ මස් ද?

රවී මාට්ටු වෙනකොට කියනවා කොමිසම හොදයි…-එයාලා කටු කන්නේ නෑ….එතකොට කන්නේ මස් ද?

මෑත ඉතිහාසයේ මැති ඇමතිවරු හොරකම් පිළිබඳව චෝදනා වලට ලක් වෙලා වැරදිකරයා වෙන්න තියන බයේ හිරේ යන්න කලින් ගෙදර යනවා…ඒ හරහා අලුත් දේශපාලන විලාසිතාවක් මතුවෙමින් තියනවා.. යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදි සදහන් කළා.

“අපිට කියනවා ඒකාබද්ධ විපක්ෂයේ අය තොපි ගිහිල්ලා යූ.එන්. පීයේ කටු කනවා. විජේදාස රාජපක්ෂ මහත්තයාට විරුද්ධව යූඑන්පීය විශ්වාසභංගයක් ගේනකොට ඒකාබද්ධ විපක්ෂයේ අය කියනවා අපි විජේදාස එක්ක. එතකොට ඒ අය යූඑන්පීයේ මන්ත්‍රිවරුන්ගේ පැත්ත ගත්තම එයාලා කටු කන්නේ නෑ. එතකොට කන්නේ මස් ද? අපි පක්ෂයේ තීන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂයට පිස්සු කෙලින්න දෙන්නේ නැතුව උන්ගේ හොරුන්ට හුරු කියනකොට වැරැද්ද පෙන්නමින් යනකොට බුදිය ගන්නවාලු. මොකද්ද මේ දිව දෙකේ කතාව. අපි කොරෙත් උඹලා ඔය විජේදාසට කියන කතාව තමයි. අපි සම්මුතිවාදි ආණ්ඩුවේ ඉදගෙන කිව්වේ හොරාට හොරා කිව්වා.ඒ නිසා රවී ගියා. හොරාට හොරා කිව්වා. ඒනිසා අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය ආයේ දික් කළේ නැහැ. උදය ගම්මන්පිලලා,නාමල් බබලා කිව්වා ඔය බැඳුම්කර කොමිසම දාලා කරන්නේ ඔය හොරකම යට ගහන්න හදන එක කියලා. හැබැයි කොමිසම නිසා රවී කරුණානායක මාට්ටු වෙනකොට කියනවා කොමිසම හොදයි. හැබැයි රවීව මාට්ටු කළාට වෙන පැතිවල යනවා. යුඑන්පීයේ මහත්වරු කියනවා ඔය නීතිපත් දෙපාර්තමේන්තුවේ වැඩකරන මහත්වරු හොදට වැඩ කරනවා. හැබැයි මේ මහත්වරුන්ට බැරි ඇයි අනිත් හොරකම් අල්ලන්න.. මෑත ඉතිහාසයේ මැති ඇමතිවරු හොරකම් පිළිබඳව චෝදනා වලට ලක් වෙලා වැරදිකරයා වෙන්න තියන බයේ හිරේ යන්න කලින් ගෙදර යනවානේ. ඉතින් අලුත් දේශපාලන විලාසිතාවක් මතුවෙමින් තියනවා,”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...