Home / Featured / ‘බැඳුම්කරේ කාගේ කරේ’….බැඳුම්කර ගණුදෙණුව ගැන අගමැතිවරයාගේ වගකීම කුමක්ද?

‘බැඳුම්කරේ කාගේ කරේ’….බැඳුම්කර ගණුදෙණුව ගැන අගමැතිවරයාගේ වගකීම කුමක්ද?

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ පත් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මහේන්ද්‍රන්ගේ ශක්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ මුල්ම ප්‍රශ්නය ඇසීමේ දි අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර වූයේ ‘I take full responsibility’ බවත් එම වචන කිහිපයේ තේරුම වන්නේ ‘මම සම්පූර්ණ වගකිම ගන්නවා’ යන්න බවත් එය එසේ නම් මේ වන විට බැඳුම්කර ගණුදෙණුව පිළිබඳව ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වගකීම කවරේද යන්නත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විමසයි.

“බැඳුම්කරේ කාගේ කරේ යන තේමාව යටතේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි පැවති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය 2015 මාර්තු මාසයේ සිට මෙම ගණුදෙනුව රටට අහිතකර බව පෙන්වා දෙමින් එයට එරෙහිව සටන් නොකළා නම් අද වන විට රටේ තත්ත්වය කවර අතට ගමන් කර ඇති දැයි උපකල්පනය කිරීමට පවා අසමත් බවයි.

එහිදි අදහස් දැක්වූ ගුණවර්ධන මන්ත්‍රීවරයා,

“අපි ඒකාබද්ධ විපක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුවේ ආර්ථික අවුල් ජාලාවකට මව්බිම පත්කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රධානත්වයෙන් යුතුව රජය ගෙදර යැවීමේ කාර්යය ඉටු කරමින් සිටින්නේ. මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවේ ඒකාබද්ධ විපක්ෂය. මුදල් ඇමතිවරයා පසුව විදේශ ඇමතිවරයා විදියට පත් කළා. ඒ විදේශ ඇමතිවරයාට අස්වෙලා ගෙදර යන්න කියල විශ්වාසභංගයක් ගෙනාවේ ඒකාබද්ධ විපක්ෂය. ඔහුව රැක ගන්න මේ ආණ්ඩුවේ ලොකු අය දරපු උත්සහය ඉතිහාසයේ අමතක විය යුතු නැහැ. අපි ගෙනාපු දෙවැනි විශ්වාසභංග යෝජනාව විවාදයටවත් ගත්තේ නැහැ. කතානායකතුමාගේ ලිපි ගොනුවේ තවම තියනවා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. අපේ කරුණු පෙන්වන්න කතානායක ඉඩ දුන්නේ  නැහැ. ඔන්න අද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. අපේ විශ්වාසභංගය තුළ තිබුණේ විදේශ ඇමතිට ඉල්ලා අස්වෙන්න කියන එක විතරක් නෙමෙයි. ඔබ දැක්කේ නෑ. රට දැක්කේ නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැක්කේ නෑ කතානායකට බාර දුන්න අපි විතරයි දන්නේ. ඒ වගන්තියෙන් වගන්තිය මේ සිදුවී තිබෙන බරපතළ වංචාව එලිදරව් කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළේය.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...