රාජපක්ෂලාට රටපුරා ඉඩම් කට්ටි 21ක් – ඔප්පු අංක මිලට ගත් දිනවකාවනු සියල්ලම අනුර ලග

1

රාජපක්ෂලා විසින් මිලට ගත් ඉඩම් කට්ටි 21ක් රට පුරාම තිබෙන බවත් ඒවාට අදාළ ඔප්පු අංක මිලට ගත් දිනවකාවනු තමන් සතු බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායකපවසයි.

‘ගමට දිරියක් රටට සවියක්’ යන තේමාව යටතේ පැවති මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ දිරිය පුරවැසි සමිති සමුළුව අමතමින් ජවිපෙ නායකයා සදහන් කළේ

“මේ අය දෙහිවල ප්‍රදේශයේ එක ළඟ පිහිටි ඉඩම් දෙකක් මිලට ගෙන එකට යා කළා. ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ඒ ගැන විමසූ විට යෝෂිත පැවසුවේ ආච්චි අම්මා වන ඩේසි ෆොරස්ට් එය තමාට මිලට ගෙන දුන් බවයි. ඇය සාක්ෂි දෙමින් කියා සිටියේ එක් දිනක් තමා නිවස ඉදිරිපස සිටින විට වෑන් රථයකින් පැමිණ කීප දෙනකු මැණික් පිරවූ මල්ලක් ලබා දුන් බවය. දින කිහිපයකට පසු නැවත පැමිණ මේ පිරිස මැණික් මල්ල ආපසු ගෙන ඒ වෙනුවට මුදල් පිරවූ ගෝනියක් දුන් බවත් ඒ මුදල් වැයකර ඉඩම මිලට ගත් බවත් FCID ය ඉදිරියේ වැඩිදුරටත් පවසා සිටියා.

“මේ වන විට අපේ රට දැවැන්ත ආර්ථිකමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මතයි. ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් සෘජුව බලපානවා නම් එය එතරම් අර්බුදයක් වන්නේ නැහැ. හැබැයි ආර්ථිකයේ සිදුවන කඩාවැටීමක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් බවට පත්වනවා. ඒ නිසා අද අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සමාජ අර්බුදයකට මුහුණ දී තිබෙනවා ආර්ථික සමාජ අර්බුදය අනිවාර්ය ලෙස පත්වන දේශපාලන අර්බුදයක් බවට පත් වනවා .අද මේ සිදුවෙමින් පවතින්නේ එයයැයි”

“රත්නපුරයේ මෙම සමුළුව පවත්වන්නේ එවැනි තත්ත්වයක් තුළ අපේ රට ආර්ථිකමය වශයෙන් ගැඹුරුතම අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපේ රට සාමාජීය වශයෙන් දැවැන්තම කඩාවැටීමකට අර්බුදයකට ලක් වී තිබෙනවා. අපේ රටේ දේශපාලනික වශයෙන් කඩාවැටීමකට අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එනිසා අද අපි හැමදෙනාටම පැවරී තිබෙන අභියෝගය පැවරී තිබෙන කාර්යභාරය , කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ, කොහොමද මේ කඩාවැටුණු සමාජ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද මේ කැරකි කැරකි යන දේශපාලන අර්බුදයෙන් මිදෙන්නේ යන්නයි. එයට විසඳුම් සොයා ගැනීමකින් තොරව අපේ රටේ ජනතාවට සුගතියත් අත්වෙන්නේ නෑ”.

“ඔබ අප රටේ ජනතාව හොර, වංචනික දේශපාලනඥයන්ගෙන් රට බේරාගැනීමේ ‍පොදු ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. මෙයින් ගොඩ ඒමට හැක්කේ එකා මෙන් එක්ව ඒකරාශි වුවහොත් පමණයි. අප එකමුතු වී ඒ වෙනුවෙන් ජනබලවේගයක් ගොඩනගමු එකට එක්වී රට හදමු.”

1 COMMENT

  1. කැට හොල්ලල සල්ලි එකතු කොරපු ජෙපි කාඩරයො වගේ නැතුව රනිල් හාමු ගෙන් කක්කුස්සි වලදිත් සල්ලි අරන් හොර ගෑනිට අයර්ලන්තෙ ගෙවල් හදන බලවේගයක් හදමු.- ලපයා

Comments are closed.