Home / Featured / බස්නාහිර මහා ඇමති අගමැතිගේ නම අමතක කරලා…කුණු වෙන්කරන බෝඩ් ටික වෙනුවට ශ්‍රීලනීප සම්මේලනයට බෝඩ් ගහනවා…ඇමති හර්ෂ මහ ඇමති හම ගහයි

බස්නාහිර මහා ඇමති අගමැතිගේ නම අමතක කරලා…කුණු වෙන්කරන බෝඩ් ටික වෙනුවට ශ්‍රීලනීප සම්මේලනයට බෝඩ් ගහනවා…ඇමති හර්ෂ මහ ඇමති හම ගහයි

කරදියාන මිහිසර වියමන සම්පත් කසල අංගනය සඳහා මුල්ගල තැබීම ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු වුණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් නොකිරීම හේතුවෙන් බස්නාහිර පළාත් මහ අමාත්‍ය හා අමාත්‍ය හර්ෂ ද සිල්වා  අතර ඇති වූයේ විවාදාත්මක මතභේදයකි. බස්නාහිර පළාත් මහ ඇමති විසින් එම අවස්ථාවේදි ප්‍රකාශ කළ කරුණු වලට විවේචනාත්මක පිළිතුරු උත්සවසභාව තුළදීම හර්ෂ ද සිල්වා  අමාත්‍යවරයා විසින් දෙනු ලැබුණි.

එම උතසවයේදි අදහස් දැක්වු බස්නාහිර පළාත් මහ ඇමතිවරයා,

“මේ අවස්ථාවට සහභාගි වෙන මාධ්‍යවේදීන්ගෙන් මම ඉතාම පැහැදිලි ඉල්ලා සිටිනවා මගේ මුවුන් පිටවෙන ඇතැම් වචන මාධ්‍ය හරහා පාවිච්චි කරලා මගෙයි චම්පික ඇමතිවරයායි අතර ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා. අපි දෙන්නා හැප්පෙන තරමට තමයි ප්‍රතිඵලය එන්නේ. ව්‍යාපෘතියක් නිමවුනාම ඒකේ පූර්ව ගෞරවය හිමිවන්නේ දේශපාලන අධිකාරියට. ඒ නිසා මේකට අඩුවෙන් වැඩියෙන් සහභාගි වෙච්ච සියළුම නිලධාරින්ගේ නම් මම ගලේ සටහන් කළා. මේ යහපාලනය ගැන විවිධ චෝදනා තියනවා. සමහර වෙලාවට මට හිතෙනවා යහපාලනය තියෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විතරද කියලා අපේ හාමුදුරුවනේ. යහපාලනය එක්ක අයහපත් පාලනයත් ඇති වෙනවා ඒක නතර කරන්න බෑ,” යැයි සඳහන් කළේය.

අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ,

“මම මෙතන දේශපාලන කතාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මහ ඇමතිතුමා කියු යම් යම් කාරණා පිළිබඳව මට විස්තරයක් කරන්න වෙනවා. ඒනිසා මම ඒගැන කතා කරන්න කැමතියි.  ඔබතුමා බොහෝම නම් මතක් කරා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඔබට අමතක වුණා. නමුත් එතුමාගේ ප්‍රතිපත්ති අනුව එතුමාගේ ආර්ථික කටයුතු අනුව මේ වැඩ කටයුතු සිද්ධ වෙන බව මට ජනතාවට කියන්න වෙනවා. ඔබතුමා කිව්වා ඔබතුමාට හිතෙනවා කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විතරද යහපාලනය තියෙන්නේ කියලා. මට ඒ කරුණ හරවලා අහන්න සිද්ධ වෙනවා. මෙකද අපි තීරණයක් ගත්තා නගර සභාවේ පුවරු වල බෝඩ් එකක් ගහන්න. මොන දවස් වලද දිරන කුණු ගෙනියන්නේ මොන දවස්වලද නොදිරන කුණු ගෙනියන්නේ කියලා. ඒවා ගහනවා වෙනුවට ඔබතුමාගේ සහ කෝට්ටේ ප්‍රදේශයේ දේශපාලඥයෙක්ගේ මුහුණු දාලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ගහන කුණු ගෙනියන දැන්වීම් කියලා ගැහුවා. සමාවෙන්න ඕන මේක කියනවට, ඒත් මේක තමයි සත්‍ය. ඊට පස්සේ ඒ බෝඩ් ගහන්න කියපු තැන් වල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඊලගට තියන සම්මේලනය පිළිබඳව බෝඩ් ගහලා තියනවා. ඉතින් මම ඔබතුමාට අභියෝගයක් අඩුම තරමේ දැන් හෝ ඒ දේශපාලන බෝඩ් වෙනුවට කුණු වෙන්කරන බෝඩ් ටික ගහන්න,”

 

 

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...