දේශපාලන ග්‍රහචාරය අනුව රවී නීච උණා…අගෝස්තු 17 වෙනිදා සෙනසුරු ඒරාෂ්ඨකයක්…අධිකරණය එක්ක ක්‍රීඩා කරපු කිසිම පාලකයෙක්ට ගමනක් නෑ

0

අධිකරණය එක්ක ක්‍රීඩා කරපු කිසිම පාලකයෙක්, කිසිම ආණ්ඩුවක් ඉතිහාසයේ නිරවුල්ව ගමනක් ගිහිල්ලා නොමැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.

“ශ්‍රි ලාංකීය දේශපාලන ග්‍රහචාරය අනුව රවී නීච උණා. 2015 අගෝස්තු 17 වෙනිදා සෙනසුරු ඒරාෂ්ඨකය ශ්‍රි ලංකාවට ලැබිච්ච දවසක් විදියටයි දේශපාලන ග්‍රහචාරය අනුව අපිට හිතෙන්නේ. අද වගේ දවසක තමයි මැතිවරණය පැවැත්වුණේ. මේ පසුබිම යටතේ පසුගිය දවසක මේ ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාව මොකද්ද? ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළා ද? මේවා තමයි මේ රටේ තියන දැවෙන ප්‍රශ්න. මේ ආණ්ඩුව යෝජනා කරන කැබිනට් ප්‍රකාශකතුමා කියන නිසා අපිට පිළිගන්න වෙනවා මේක ආණ්ඩුවේ තීරණයක් කියලා වෙනම අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු ඇසීම සඳහා. එහෙමයි කිව්වේ. තිලක් මාරපන වැනි ජේෂ්ඨ නීති විශාරදයෝ පවා කියනවා ඒක ව්‍යවස්ථා විරෝධී කාරණාවක් කියලා. අධිකරණය එක්ක ක්‍රීඩා කරපු කිසිම පාලකයෙක්, කිසිම ආණ්ඩුවක් ඉතිහාසයේ නිරවුල්ව ගමනක් ගිහිල්ලා නෑ ඉතිහාසයේ. ඉතින් එහෙම අවශ්‍ය නම් රාජිත සේනාරත්න හෝ කවුරුන් හෝ අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කරගෙන සaජුව පලිගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්න.”