“නයෙක් කෑවොත් කළ හැකි වෙදකමක් නෑ”…- පොලිස්පතිවරයා පොලිස් නිලධාරියෙකු වදහිංසනයට ලක්කල කාටනම් කියන්නද?

0

“නයෙක් කෑවොත් කළ හැකි වෙදකමක් නැතැයි” සමහරුන් කියන්නා සේ පොලිස්පතිවරයා පොලිස් නිලධාරියෙකු වදහිංසනයට ලක්කල විට එයට ද ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයට අනුව කල හැකි දෙයක් නැතුවා සේ පෙනේ. එය නීතියේ ඇති අඩුපාඩුවක් නිසා නොව ලංකාවේ නීතිය කරිය යාත්මක වන ආකාරයේ ඇති බරපතල පැහැරහැරීම් හා මගහැරීම් නිසාය.

පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ නිළධාරියේකුගේ කොළරයෙන් අල්ලා ඔහුට තර්ජනය කිරීම පිළිබද සිද්ධියක වීඩියෝ පඨයක් පරකි සිද්ධියට පත්වීමෙන් පසු එය විශාල දෙනෙකු විසින් අන්තර්ජාලය මගින් හා වෙනත් ආකාර වලින් නරඹා ඇත. මේ නිසාම එය මාධ්යඩ සාකච්චා වල ද තේමාවක් සේ පසුගිය දිනවලදී පැවතින.

එහෙත් මේ දක්වා මේ පිළිබදව කිසිම නෛතික ක්‍රියාමාර්ගයක් අරඹා නැති අතර එසේ ඇරඹේ යැයි අනුමාන කිරීමට ද පදනමක් නැත.

මේ නිසා මතුවන ඉතා බරතල නෛතික ප්‍රශ්ණ ගණනාවක් ඇත.

ලංකාවේ නීති කරයක මය පදනම් වී ඇත්තේ කිසිවෙක් නීතියට ඉහළින් නැතැයි යන ප්‍රධාන සිද්ධාන්තය අනුවය. මෙම සිද්ධාන්තය සියවස් ගණනාවක් ඇතුලේ රාජත්වයට එරෙහිව පාර්ලිමේන්තු ප්‍රජාතන්තිත්‍රවාදය  කිරීමට කරන ලද අරගලයේ ප්‍රතිපලයක් ලෙස නිර්මානය විය. ඇත්තෙන්ම නීතිය මත පදනම් වන වර්තමාන නීති පද්ධතිය වල මුල්ගල වන්නේ මෙම සංකල්පයය. එය නොතකා හැරීම සකල නීති කරක් මයටම බරපතල තර්ජනයකි.

ලංකාවේ පොලිස් සේවය ලංකාව තුළ නීතිය රැකීම සදහා නිර්මානය කොට ඇති ප්‍රධානතම සංස්ථාව වේ. එම පොලිස් සේවයට නීතිය රැකීම හැර වෙන කිසිද කර්තවයක් පැවරී නැත. එම සේවයට අදාල සියලූම කරුණු සාධාරණ කිරීමේ පද්ධතිය ලෙස පවතින්නේ මෙම ප්‍රධාන යුතුකමය.

මේ අනුව පොලිස් සේවයේ පැවැත්මම පවතින්නේ නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානය යන පදනම ඔස්සේ නීතිය ක්‍රියාත්මක  කරවීම මතය. මේ අනුව පොලිස්පතිවරයා කලා යැයි සැක කල හැකි අපරාධය නම් වදහිංසාවය. වදහිංසාව අපරාධයක් යනුවෙන් ලංකාවේ නීති පොතට ඇතුලූ වූයේ 1994 දීය. එසේ ඇතුලූ වූයේ 1994 අංක 22 දරන වදහිංසාව හා කෲර අමානුෂික අවමන් සහගත සැලකීම් වැළැක්වීමේ සම්මුති පනත නැමති නීතිය යටතේය. මේ අනුව වදහිංසාවට නියමකර ඇති ද`ඩුවම අවුරුදු 7 ක සිරද`ඩුවමක් හා රුපියල් 10000 කට නොවැඩි දඩයකි. මේ පනත යටතේ අපරාධකරුවන් බවට අධිකරණ මගින් නියම වී ද`ඩුවමට භාජනය වූ පොලිස් නිලධාරීන් ගණනාවක්ම සිටී. තවත් නිළධාරීන්ට විරුද්ධව එම පනත යටතේම පවත්වාගෙන යන නඩු ගණනාවක් ද වේ.

මේ අනුව සමහර නිළධාරීන්ට එකම චෝදනාවක් යටතේ සිරගතවීමටත් අනිත් අතට පොලිස් සේවය භාරව සිටින ඉහළම නිළධාරීයාට මෙම අපරාධ චෝදනාව යටතේ පරීක්ෂණයකටවත් භාජනය නොවී සිටීමටත් හැකියාව තිබීම සකළ නීති පද්ධිතිය සම්බන්ධයෙන්ම දෙබඩි පරතේ තිපත්තියක් අනුගමන කිරීමකි.

ඇත්තෙන්ම පැණ නැගී ඇති ප්‍රශ්ණය නම් පූසාට පූසාගේ බෙල්ලේ සීනුව ගැටගහන්නේ කවුදැයි මීයන් අතර ඇති වූ ප්‍රශ්ණය සම්බන්ධ ජනකතාවෙන් කියවෙන ගැටලුවමය. රටේ සියලූම අපරාධ පරීක්ෂේණ භාරව සිටින ඉහළම නිළධාරීයාට විරුද්ධව අපරාධ පරීක්ෂාණයක් කළ හැක්කේ කාටද යන ගැටඑව ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව විසදිය නොහැකි ප්‍රශ්ණයක් සේ පවතී.

කෙසේ වූවත් ඉහළම නිළධාරියාගේ ක්‍රියාකලාපය  පිළිබද වගකීම ජනාධිපතිවරයා අගමැතිවරයා හා රජය මත පැවරී ඇති යුතුකමකි. රජයක් පවතින්නේ නීතිය මතය. රජය යම් අයට විරුද්ධව නීතිය කරිට යාත්මක කිරීමට පියවර නොගන්නේ නම් එය රටේ පවතින සමස්ථ නීති කර්ප මයම අර්බූදයට පත්කරයි.

නීතිය පිළිබද මෙම ප්‍රධානම ගැටඑව නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ පැවැත්මේ එකම හේතුව ලෙස පවතින පොලිස් සේවයේ කීර්තිනාමය පිළිබදව ද බලපායි.

මෙය ලංකාව නීතිය මත පදනම් වූ රාජ්‍යයක් සේ පවත්වාගෙන යෑම ගැන උනන්දුවක් ඇති කාගේත් අවධානයට යොමුවිය යුතු ප‍්‍රශ්ණයකි.

Inspector General of Police

The Asian Human Rights Commission (AHRC) works towards the radical rethinking and fundamental redesigning of justice institutions in order to protect and promote human rights in Asia. Established in 1984, the Hong Kong based organisation is a Laureate of the Right Livelihood Award, 2014.