1994 සිට පාලනය කරපු කට්ටිය කලා කාලා ඉස්මුරුත්තාවට ඇවිල්ලා..අලුත් කට්ටිය ජනවාරි 08 පත් වුණාට පස්සේ එක දිගට ලේ බීගෙන ගියා

0

ජනතාවගේ මුදල් දේපල කොල්ල කන මැති ඇමතිවරුන් පහුගිය ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ ද සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (18) පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“සංසන්දනය කරලා බලද්දි ඉස්සර තිබුණු ආණ්ඩුවත් එක්ක අපි තරම් පහසුකම් දීපු රජයක් තවත් නෑ කියන එක බොහෝම පැහැදිලිව කියන්න ඕන. මේ සියළු දූෂණ කරපු කට්ටිය තමයි දැන් මේ ඇවිල්ලා ආදරණිය අම්මා අපේ අම්මා ගෙනියන්න එපා කියලා කෑගහන්නේ. හොරු අල්ලන්න තමයි ජනතාව අපිට බලය දීලා තියෙන්නේ. හැබැයි එක වරදක් වෙලා තියනවා හොරු ඇල්ලිම නම් පමා වෙලා තියනවා. මහින්ද අමරවීර මැතිතුමා මේක බොහෝම පැහැදිළිව කිව්වා.”

“2015 ජනවාරි 08ට පෙර අලුතින් පත් වෙන ආණ්ඩුව ගැන විමසිල්ලෙන් ඉන්න. මොකද 2015 ජනවාරි 08 පෙර අවුරුදු විසි ගණනක් ඒකියන්නේ 1994 සිට පාලනය කරපු කට්ටිය කලා කාලා ඉස්මුරුත්තාවට ඇවිල්ලා ඉන්නේ ඒ අයගේ බඩවල් පිරිලා බඩවෙලා ඉන්නේ අලුත් කට්ටියකට දෙන්න එපා අලුත් මකුණන්ට ලේ ගුදමක් හම්බවුණා වගේ ලේ බීගෙන බීගෙන යයි කියලා. ඒකේ නම් ඇත්තක් තියනවා අලුත් කට්ටිය ජනවාරි 08 පත් වුණාට පස්සේ එක දිගට ලේ බීගෙන ගියා. ඒක මම තිත්ත ඇත්ත කතාකරන පුද්ගලයෙක් විදියට මම කියන්න ඕන. සේරමල්ලා නෙමෙයි. කිහිප දෙනෙක්. 19කට පස්සේ හම්බවුණේ. එකපාර දරාගන්න බැරුව ගිහිල්ලා එක දිගට හොරකම්කරන්න ගත්තා. ඒ හොරුන්ව අද අහුවෙලා තියනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ජනාධිපති කොමිසම් හරහා කරන්නේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කිරීම,”

Ranjan Ramanayake