Home / Featured / තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර ඒස්වා ඕ…..රතු අලි පැටියත් තාජූඩීන්, තාජූඩීන්,තාජූඩීන් කිය කිය යනවා

තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර ඒස්වා ඕ…..රතු අලි පැටියත් තාජූඩීන්, තාජූඩීන්,තාජූඩීන් කිය කිය යනවා

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ

රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක් වෙමින්

“බැඳුම්කර මංකොල්ලයේ පාඩුව ට්‍රිලියනයකට වැඩියි කියලා ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියනවා. ට්‍රිලියනයක් මගේ දෙයියනේ මේක කොහොම ගැහිල්ලක්ද? මේ සාකච්ඡාව වෙනකොට ආණ්ඩුවට මොකක් හරි අවාසියක් වෙනවා නම් තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර ඒස්වා ඕ කියලා ගහනවා මන්තරය. දැන් කියනවා තාජුඩීන කියලා. මුලින් නාමල් කිව්වා දැන් නාමල් ඉවරයි, යෝෂිත කිව්වා යෝෂිතව පටලවන්නත් බෑ සාක්ෂි ඇහුවාම තේරෙනවා බෑ කියලා. දැන් ශිරන්ති රාජපක්ෂ මැතිනියවත් ගෙනියනවා ප්‍රශ්න කරන්න. මොකද මාරු කළේ ඩිෆෙන්ඩරයේ පාට. මේ සාකච්ඡාව යනකොට අන්න බලන්න රවීගේ හොරකම් අතේ මාට්ටු ඒ කාරණාව යට යනවා තාජූඩීන් වර වර, තාජූඩීන් වර වර කිව්වාම ඒ මාතෘකාව උඩ එනවා. ඊට අත්වැල් සපයමින් රතු අලි පැටියත් තාජූඩීන්, තාජූඩීන්,තාජූඩීන් කිය කිය සතියට තුන් හතර වතාවක් කෑකෝ ගහනවා. ඒ කෑගැහුවම් ඒ සද්දේ ඔක්කෝම රූපවාහිනි නාලිකාවල දෙනකොට රවියගේ හොරකමේ සද්දේ නැති වෙලා යනවා,”

" දැන් රාජිත සේනාරත්න කියනවා, මෙහෙම ගියොත් රාජපක්ෂලාගේ නඩු රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යටතේ තමයි අහන්න වෙන්නේ කියලා. එයා දන්නවා මේ ආණ්ඩුව ඊළඟ ජන්දෙදී සෙත්තපෝච්චි කියලා. "'සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව' ජනතා සම්මන්ත්‍රණ මාලාවේ හත්වැන්න – රත්නපුර නගර ශාලාව (තුන්වන කොටස)

Posted by Wimal weerawansa on Thursday, August 17, 2017

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...