Home / Featured / දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරනවා ..සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අහුවෙන්න එපා…

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරනවා ..සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අහුවෙන්න එපා…

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පිරිස් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මුලතිව් නැවත පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 200ක් වෙනුවෙන් ස්ථීර නිවාස සඳහා මුදල් ආධාර ලබා දීමේ අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සදහන් කළෙ දේශපාලකයන් ඇති කරන ජාතිවාදයට ආයේ ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙස සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

“දෙමළ ජාතික සන්ධානයේ කිහිපදෙනකු නැවත ප්‍රශ්න ඇති කරන්න කුමන්ත්‍රණය කරනවා. ඒ කුමන්ත්‍රණවලට අහුවෙන්න එපා….පසුගිය දිනවල දෙමළ ඩයස්පෝරාවේ නියෝගවලට යාපනයේ සරසවි සිසුන් මාර්ගයෙන් මුලතිව් කුලාන්මුරිප්පු ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කෙරෙව්වා, දෙමළ ජනතාවගේ ඉඩම් මුස්ලිම් ජනතාව කොල්ල කනවා කියලා ඒ අය නැවත පදිංචි කරවීම නවත්වන්න කියලා. ඇත්තටම මේ මුස්ලිම් වැසියන් අලුතින් නෙවෙයි පදිංචි වෙන්නේ. මේ වැසියන් 1990 ඔක්තෝබර් 30 වැනිදා මේ පළාත් වල ගම් 10ක හිටපු වැසියෝ එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් පැය දෙකක් ඇතුළත යන්න කියලා කිව්වට පස්සේ මේ වැසියෝ ඇඳිවත සමඟින් පුත්තලමටයි අනුරාධපුරයටයි ගිහින් මේ වෙනකම් ජීවත් වෙනවා. යුද්දෙ ඉවර වෙලා නැවත පදිංචියට මේ මුස්ලිම් වැසියන් මුල් ගම් බිම් වෙතට ආවත් කිසිම පහසුකමක් ලැබුණේ නැහැ. මේ පළාත් වල හිටපු පවුල් 3000න් දැන් ඇවිත් ඉන්නේ පවුල් 900ක් විතරයි. ඒ 900යෙනුත් පවුල් 250කට විතරයි නැවත පදිංචි කරන්න දැනට ඉඩම් ලැබිලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් දෙමළ පවුල් 38000ක් සිංහල පවුල් 4000ක් මුලතිව්වල පදිංචි වෙලා ඉන්නවා. “

Rishad Bathiudeen

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...