පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

0

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට එරෙහිව ඊයේ (18) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති “මූසල දෙවසර” විරෝධතාවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ පොලිස්‌පතිවරයා නීතිය නමලා ඉවරයි කියලා අපි හිතුවත් තාම නැවතිලා නැති බවයි.

“නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු වටවෙලා නීතිපති වරයාට උපදෙස්‌ දෙනවා. නඩු අහන්නේ කොහොමද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතිපතිවරයාට උපදෙස්‌ දෙනවා නම් මේ යහපාලනය ගැන කතාකර වැඩක්‌ තියෙනවාද?

අපි ආණ්‌ඩුවට කියන්නේ අධිකරණයට අත නොගසා නීති පද්ධතියට අත නොතියා පළිගැනීම මඩගැසීම දේශපාලන වේදිකාවේ තියාගන්න.

එසේ නොවන්නේ නම් කඩා වැටෙන්නේ ආණ්‌ඩුව විතරක්‌ නෙවෙයි. අධිකරණ පද්ධතියත් කඩා වැටෙයි. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්න. අපිව හිරගෙවල්වල දැම්මා කියලා අපෙන් කටඋත්තර ගත්තට ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.”

Namal Rajapaksa