මූසල වැඩ කලේ රජ පවුල…රටේ තිබුනේ ඊඩී අමින්ලා ගෙනගිය පාලනයක්…අද රටේ නිදහස තියනවා. යහපාලනය තියනවා.

1

මූසල ආණ්ඩුවට අවුරුදු දෙකයි මූසල් ආණ්ඩුව ගෙදර යවමු යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය කළා විරෝධතාවට අමාත්‍ය තලතා අතුකෝරල අද (19) දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දි  පිළිතුරු ලබා දෙනු ලැබූවා.

“මගේ මතය නම් මම හරිම සන්තෝසයි. තව කරන්න කියන්න. මොකද රටේ මිනිස්සුන්ව උකස් කරලා එයාලා ණයකාරයෝ කරලා අර සාමාන්‍යයෙන් ඊඩී අමින්ලා ගෙනගිය පාලනය වගේ පුළුවන් තරම් ණය අරගෙන පාරවල් හදලා වරායවල් හදලා, ගුවන් තොටුපොළවල් හදලා ජනතාවගෙන් හොරකම් කරලා රජ පවුල හිටපු කාලේ කාටවත් පෙනුනේ නෑ ඒක මූසල පාලනයක් කියලා. හොරා කෑවා ඒ අයිතිය තිබුණ සියළු දෙනාම හොරකම් කරලා දැන් වැඩ කරන ආණ්ඩුවක් ආවාම අපේ බෝඩ් එක පෙන්නේ නැති නිසා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ කටවුට් පේන්න නැති නිසා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ගේ බෝඩ් පෙන්නේ ඇති නිසා කෑගහනවා. ඉතින් අපිට කාටවත් කිය කිය වැඩකරන්න ඕනේ නෑ.”

“මතයක් හදනවා සමෘද්ධිලාභින්ව ඊයේ පෙරේදා පාරට බස්සන්න හදනවා ඒ ගෙනියන වැඩ පිළිවෙළ ගැන, 2011 තමයි සයිටම් එක හැදුවේ හරියට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හැදුවා වගේ පාරට බස්සන්න හැදුවා, අදටත් ඒ ළමයි පාරේ දැන් සියළුම පාර්ශව උපරිම සහයෝගය ලබා දෙනවා. රට වෙනුවෙන් වැඩ කටයුතු කරන රණවිරුවන් පාරට බස්සලා තියනවා. උමා ඔය හදන්න පටන් ගන්නකොට කටවහගෙන හිටපු අය දැන් උමා ඔය හොද නෑ ඒ නිසා මේක විනාස වෙනවා කියලා ජනතාව පාරට බස්සන්න හදනවා. ඉතින් මේක තමයි අපිට ලෝකෙට දෙන්න තිබිච්ච හොදම උත්තරේ. අද රටේ නිදහස තියනවා. යහපාලනය තියනවා. අද නිදහසේ හැම දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අදාළ ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ මූසලකතා කියන මූසල අය ගැන අපි වැඩි තැකීමක් කරන්නේ නැහැ,”

Thalatha Athukorala

1 COMMENT

Comments are closed.