Home / Featured / ඒකාබද්ධය දකින්නේ දවල් සිහින…..එදා රට විකුණාගෙන කණකොට අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ

ඒකාබද්ධය දකින්නේ දවල් සිහින…..එදා රට විකුණාගෙන කණකොට අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ

ඒකාබද්ධය දකින්නේ දවල් සිහිනයක් බවත් මෙම ආණ්ඩුව කිසි ජගතෙකුට සෙලවිය නොහැකි බව අමාත්‍ය වසන්ත අලුවිහාරේ පවසයි.මාතලේ වාසලකෝට්ටේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදි පැවති ගොවි හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එදා රාජපක්ෂලා රටේ සම්පත් විදේශීකයින්ට බන්දේසියෙ තබා විකුණද්දී අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ මෙන් හැසිරුණු බවයි.

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ එක්ව මේ ආණ්ඩුව තව වසර ගණාන්වක් කරගෙන යන බවත් අද කැගැහන ඒකාබද්ද විපක්ෂයේ දෙවරක් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් හට යළි කිසි දිනක මේ රටේ ජනතාව බලයට පත් නොකරන බවද පැවසිය.සමහර උදවිය මේ ආණ්ඩුවේ ගමන කඩා කප්පල් කිරිමට යනවා.මෙවර අය වැයයෙන් ජනතාවට සහන ලැබෙන අය වැයක් එන්නේ.මේ රටේ අනාගතය බාර ගන්න දරුවන්ට මේ ණය කන්දරාව උරුම කරන්න බැහැ.රටේ ජනතාව බලය දි තිබෙන්නේ මේ යහපාලන ආණ්ඩුව කරගෙන යන්නයි.පසුගිය රජය විසින් අපට උරුම කරපු සයිටම්, උමා ඔය, කුණු කදු නිසා මේ රජය අපහසුතාවයන්ට පත් වුණා.නමුත් ඒවා අපි අභියෝග ලෙස බාර ගෙන අපි සාධාරණ ලෙස විසදිමට මේ වන විටත් කටයුතු කරමින් පවතනවා.”

“එදා රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රටේ භූමිය විදේශීකයින්ට බන්දේසියෙ තියලා දුන්නේ එතකොට ඒකාබද්ධ විපක්ෂෙයේ පිරිස් තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ සිටියා.මුකුත් කතා කළේ නැහැ.කතා කළානම් වෙන දේ ඒ පිරිස්ම දන්නවා.අද ජනතාව කෙරෙහි මහා කරුණාව පහලවෙලා වගේ කතා කරනවා.අපි කිසිම දුෂණයකට ඉඩ තියන්නේ නැහැ.ඒ පිළිබදව අ පේ පක්ෂයේ නායක අගමැතිතුමා පැහැදිලිව කිව්වා.මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි එක්ක සෙල්ලම් කිරිමට කිසිම අයෙකුට බැහැ.”

Ranjith Aluwihare

RA-Media

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...