එයාගේ මූසල වසර 9ට පස්සේ ඒතරම් මූසල නම් නැහැ…. මම කැත වැඩ කරන්නේ නෑ …මහින්ද බල පෙරේතයෙක්

0

මේ රටේ තුන් වෙනි බලවේග ඕන තරම් හදාගෙන තියනවා මිනිස්සු…. ඒත් ඒවට කවදාවත් තැනක් ලැබුණේ නෑනේ…යැයි   හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ගම්පහ ආසන සංවිධාන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යනුවෙන් කරන ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නාය.

“හැමෝටම අයිතියක් තියනවානේ හීන දකින්න. ආණ්ඩුව අවුරුදු පහකට බලයට පත් වුණා අවුරුදු පහක් බලයේ ඉන්නවා. පොරොන්දු වෙච්ච දේවල් කරනවා. ටිකක් ප්‍රමාද වෙලා තමයි. ඒ ප්‍රමාද වෙච්ච එකට අපි ජනතාවගෙන් බැනුම් ඇහුවා අහනවා. ඒවටත් හේතු තියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගියා වාර දෙකකට පස්සේ. හැබැයි අපි අරක ඉල්ලා ගෙන මේක ඉල්ලා ගෙන පාර්ලිමේන්තුවට බලෙන් රිංගන්න ගියේ නෑ මන්ත්‍රීධූර වලට. මම බලයෙන් යනකොට ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ තැන හිස්ව වෙලා තිබුණේ. පක්ෂයෙන් කිව්වා මට ඒ තැන ගන්න කියලා මම කිව්වා ඒවගේ කැත වැඩ මම කරන්නේ නෑ කියලා. මෙයා මේ බලෙන් පැන පැන ගිහිල්ලා, එයාට දැන් පෙරේත කමක් හිතුනට අපේ පක්ෂය ඉස්සරහට යනවා. මේ රටේ තුන් වෙනි බලවේග ඕන තරම් හදාගෙන තියනවා මිනිස්සු. ඒත් ඒවට තැනක් ලැබුණේ නෑනේ කවදාවත්. එයාගේ මූසල වසර 9ට පස්සේ ඒතරම් මූසල නම් නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිනිය අදහස් දක්වා සිටියා.

Chandrika Kumaratunga