Home / Featured / කොයි යකාද පූජා කරන්නේ මේකාලයේ තනතුරු…මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති …. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ.

කොයි යකාද පූජා කරන්නේ මේකාලයේ තනතුරු…මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති …. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ.

“එයාලට ශ්‍රිලංකා එක අයිති නැහැ. මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති කියලා. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ. මම අස්වුණේ නැත්නම් මාව අස්කළේ නැත්තම් කවුරු හරි පිට කෙනෙක් කියනවා නම් එයා සභාපති කියලා ඒක වෙන්න බැහැනේ.” යනුවෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියා.

“බදු පනතත් ගෙනාවේ IMF එක පන්සෙලෙනුත් බදු ගන්නවා. දැන් හැම එක්කෙනෙක්ම යටත් වෙනවා මේ පනත යටතේ ආදායම් බද්දට. මම වැරදිලාවත් වරායවල් තුනක් හතරක් හදළා තිබ්බා නම් මේ ආණ්ඩුවට කිසි කරදරයක් නෑ වැඩ කරගෙන යන්න. මලකින් රොන් ගන්න්වා වගේ තමයි මිනිස්සුන්ගෙන් ආදායම් බද්දක් ගන්න ඕන මල් තැලෙන්නේ නැති වෙන්න. මල තලලා තමයි මේ අය ඒක් ගන්න හදන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. අපෙන් ගියන් මුක්කු ගහන අය රනිල්ගේ පස්ස පැත්තට වෙලා තල්ලු කරගෙන යනවා. මහා විප්ලවවාදියෝ විදියට පෙනි ඉදලා සමහර දේශපාලන පක්ෂ කරන්නේ මොකද්ද ආණ්ඩුවේ ගැළවුම්කාරයා බවට පත් වෙලා ඉන්නවා. දැනටමත් මම බලාපොරොත්තු වෙනවා අපහාස නඩු කිහිපයක් දාන්න සමහර ඇමතිවරුන්ට විරුද්ධව, ඒ ඇමතිවරු කරන අපහාස දිහා බැලුවම මුන්ට නඩු නොදා බෑ. උතුරට ගිහිල්ලා පිනුම් ගහන්නේ මේ කට්ටිය යුද්ධේ ඉවර කරලා දුන් නිසානේ. පිස් පෝච්චිය ගේ ඇතුලේ තියාගෙන නිදාගත්ත හාදයෝ නේ දැන් කෑගහන්නේ වීරයෝ වගේ.”

“අද බලන්න මේ ආණ්ඩුවම කුළල් කා ගන්න හැටි ජනතාවට කරන මේ අපරාධ හින්දා තමයි මේ නියඟය. ස්වභාවධර්මයයත් වෙනස් වෙලා පරිසරයත් වෙනස් වෙලා. දැන් හිතෙනෙවා අපිට කරන දේවල් නිසා දැන් දෙයියෝ බලන්න පටන් අරන් තියෙන්නේ කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පරද්දපු අය යූ එන් පීය බලයට අරගෙන දැන් යූ එන් පීය රැක ගන්න කතා කියනවා. එයාලට ශ්‍රිලංකා එක අයිති නැහැ. මම තාම කියන්නේ මමයි ශ්‍රි ලංකා එකේ සභාපති කියලා. මම අස් වුනෙත් නෑ. මම අස් කලෙත් නෑ. මම අස්වුණේ නැත්නම් මාව අස්කළේ නැත්තම් කවුරු හරි පිට කෙනෙක් කියනවා නම් එයා සභාපති කියලා ඒක වෙන්න බැහැනේ. කොයි යකාද පූජා කරන්නේ මේකාලයේ තනතුරු. බොරුනේ කියන්නේ,”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

2 comments

  1. Hi im chandana. From kabir hashim media I want to contact you. I can send news ang give adverstisment