අස්කරන්න එපා….රාජපක්ෂ ජනපතිගෙන් සමාව ගනී…රාජපක්ෂ අද ඇමතිකම අත්හරි….

1

තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

තමන් පසුගිය කාලසිමාව තුල කැබිනට් අමාත්‍යවරයෙකුව සිටිමින් කැබිනට් මණ්ඩල ගත් ඇතැම් තින්දු වලට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබදව සමාවද ඉල්ලා ඇති රාජපක්ෂ අමාත්‍යවරයා තමාව අමාත්‍ය ධුරයෙන් අස් නොකරන ලෙසද ඉල්ලා තිබේ.

තමන්ම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් ඒ සදහා තමන්ට කාලය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයගෙන් ඉල්ලා ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකගතාවයෙන් විජයදාස රාජපක්ෂගේ ඉල්ලිමට අවසරදී ඇති අතර ඒ අනුව විජයදාස රාජපක්ෂ අද(23) දිනයේදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.

1 COMMENT

  1. Hmm it seems like your blog ate my first comment (it was super long) so I guess

    I’ll just sum it up what I had written and say, I’m thoroughly enjoying your blog.

    I too am an aspiring blog writer but I’m still new to the whole thing.

    Do you have any tips and hints for novice blog writers? I’d genuinely appreciate it.

Comments are closed.