Home / Featured / රාජපක්ෂ චීවරයත් අවභාවිත කරනවා… චීවරයට මුවා වි අනාගත ඉලක්ක සපුරන්නයි හදන්නේ …මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්

රාජපක්ෂ චීවරයත් අවභාවිත කරනවා… චීවරයට මුවා වි අනාගත ඉලක්ක සපුරන්නයි හදන්නේ …මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්

විජේදාස රාජපක්ෂ චීවරයත් අවභාවිත කරමින් චීවරයට මුවා වි එතුමා ගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප)පවසයි.ඊයේ 22දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක් බවයි.

“පහුගිය දවසක අගමැතිතුමා මහනුවර දළදා මාලිගාවට ගිහිං උපාසක උපාසිකාවන් ඉදිරියේ කිව්වම රන් වියන පිළිසකර කරනවා කියලා සාදු කිව්වේ නෑ. උපාසක උපාසිකාවොත් කිව්වෙ හොරු අල්ලන්න කියලා. රටේ ජනතාවගේ ප්‍රමුඛතම අවශ්‍යතාව තමයි පහුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වුණු බරපතළ දූෂණ, වංචා, මිනී මැරුම්, මංකොල්ලකෑම්, හොරකම් කළ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන එක. මේක කළොත් තමයි මේ යහපාලන ආණ්ඩුවෙත් හොරු බිහි වන එක නතර වෙන්නේ. අනාගතයේ දී අපේ රටේ මැති ඇමතිවරු ඒවා දූෂණ වංචා කරන එක මාධ්‍යවේදීන් මරණ එක නතර වෙන්නේ.”

“මෙතනින් අපි නීතිය ක්‍රියාත්මක නොකොළොත්, දේශපාලනඥයෝ හිතනවා මෙය සාමාන්‍ය තත්ත්වයක් හොරකම් කළාට කමක් නෑ, විරුද්ධවාදීන් ඝාතනය කළාට කමක් නෑ, මාධ්‍යවේදීන් මර්දනය කළාට කමක් නෑ, තමන්ට විරුද්ධ ක්‍රීඩකයෝ, මිතුරෝ, හතුරෝ මැරුවට කමක් නෑ, රාජ්‍ය ආයතන කෝටි ගණන් කොල්ල කෑවට කමක් නෑ කියලා. රජය බලයට පත් කිරීමේ දී ලක්ෂ 62ක් ඡන්දය දුන් මිනිසුන් ගේ අවශ්‍යතාවයක් තමයි රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම. එයට මුළින්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒකට ගැළපෙන විදියට අපි මේ අධිකරණ පද්ධතිය තියෙන නීති රාමුව තුළම පුළුවන් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න. අපි කියන්නේ පරිපාලනමය ව්‍යුහය හදන්න කියල. ඒකට තමයි ඇමැතිවරයෙක් ඉන්නේ. එතුමා දැන් කරන්නේ එතුමාට අදාල දේ නෙවෙයි. එතුමා එතුමා ගේ අධිකරණ අමාත්‍යාංශයේ වැඩේ නොකර වරාය ගැන කතා කරනවා. සාමුහික වගකීමක් දරන්න බැරි නම් එතුමාට පුළුවන් කැබිනට් මණ්ඩලයෙන් එළියට ගිහින් පුද්ගලික මත ඉදිරිපත් කරන්න.”

“රාජපක්ෂ මහතා චීවරයත් අවභාවිත කරමින් ඉන්නවා. චීවරයට මුවා වෙලා එතුමා ගේ අනාගත ඉලක්ක සපුරා ගන්න කටයුතු කරනවා. වරාය සම්බන්ධව එතුමා කිව්ව දේ නෙවෙයි පත්තරේ ගියේ කියලා එදා එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලේ දී කිව්වා. ඒත් ඒ කතාව එතුමග ගේ ෆේස්බුක් ගිණුමෙත් දාලා තිබුණා. කොහාම උනත් ඒක වැරදියි නම් නිවැරදි කරන්න ඕන. නායකතුමා කිව්වා එහෙනම් එය නිවැරදි කරන්න කියලා. එහෙම කළෙත් නෑ. ඊට අමතරව මලික් සමරවික්‍රම මහතා, මංගල සමරවීර ඇමතිතුමා, රවීන්ද්‍ර සමරවීර රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කමිටුවක් පත් කරලා එතුමාට කිව්වා මේ තුන් දෙනාත් සමඟ සාකච්ඡා කරන්න කියලා. සාකච්ඡාවට සහභාගි වෙලත් නෑ.”

“ඒ නිසා පැහැදිලියි එතුමාට අවශ්‍ය මෙතනින් එළියට යන්න කියන එක. අපේ ගෙදරින් පිටත ඉන්න සතුරාට අපට මුහුණ දෙන්න පුළුවන්. මිතුරු වෙසින් අපේ ගේ ඇතුළේ සතුරාගේ මිතුරා ඉන්නවා නම් ඒක විශාල හානියක්. අපේ නිවසින් පිටමං වෙලා අපට ප්‍රහාර එල්ල කළාට කමක් නෑ. හැබැයි අපේ ගේ ඇතුළේ ඉඳ ගෙන අපි හදපු යහ පාලන රජය ඇතුළේ සිට විවේචනය කරනවා නම් එයට ඉඩ දෙන්න බෑ. ඒක නිසයි අපි ඒකමතිකව ප්‍රකාශ කළේ එතුමාව අයින් කරන්න කියලා.”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

One comment

  1. The Nike golf woods and other products are different

    for gamers from this gender and you can learn about

    them by visiting our online resource at writer web site.