මීනිමරුවකුට රණවිරුවෙක් වෙන්න බෑ..යුද වීරයෙක් වුනත් වැරදි කළානම් කිසිදු සමාවක් නෑ …යෝෂිත නාවික හමුදාවෙන් දොට්ට?

0

නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා පවසයි.

ඊයේ(23) නාවික හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදාපතිවරයා සදහන් කළේ රණවිරුවකුට මීනිමරුවෙක් වීමට නොහැකි බවත්, මීනිමරුවකුට රණවිරුවෙක් වීමට නොහැකි බවටත් තමන් විශ්වාස කරන බවත් නාවික හමුදාවේ කිසිවකු වැරදි කර ඇති බවට සනාථ වුවහොත් කිසිදු සමාවක් නොලැබෙන බවයි.

“ඇවන්ගාඩ් එකෙන් ගත්ත කිසිම අවියක් අපි පාවිච්චි කරන්නේ නෑ. අපිට අපේ ආයුධ තියනවා, ඒනිසා මේ කියන කිසිම චෝදනාවක සත්‍යතාවයක් නැහැ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් පුරාම ඇවන්ගාඩ් අපි ක්‍රියාත්මක කළේ. කවුරුත් ඒ ගැන කතා කළේ නැහැ. ඒ වනවිට තිබ්බ පොඩි ආරක්ෂක සමාගමක් වන ඇවන්ගාඩ් සමාගම රජයට ගතු කිව්වා මේක අපිට වඩා හොදට ඒ අයට කරන්න පුළුවන් කියලා. හිටපු නාවික හමුදාපතිවරයෙක් තමයි මේක බන්දේසියක දාලා දුන්නේ.”

“පරීක්ෂණ අවසන් වනතුරු යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩ තහනම කර තිබෙනවා. ඔහුට විරුද්ධ චෝදනා කිහිපයක්ම තියනවා. එකක් ඔහු සේවයෙන් බැහැරව සිටීම. නාවික හමුදාපතිවරයාගේ නිසි අනුමැතිය නොමැතිව විදේශ ගත වීම නාවික හමුදාපතිවරයා ඔහුට නිවාඩු ලබා දෙන්න පුළුවන් ඒක අපි දන්නේ නෑ. ඒ නිසයි පරීක්ෂණ පවත්වන්නේ. සේවයට වාර්තා නෙකිරීම කියන්නේ එතරම්ම බරපතළ කාරණයක් නෙමෙයි. නාවික හමුදාවේ මේ විදියට සේවයට වාර්තා නොකළ සෙබලුන් දහස් ගණනක් ඉන්නවා. නමුත් ඔවුන් වරදක් කරලා තියෙන්නේ. ඒනිසා ඔවුන් සේවාවෙන් ඉවත් කරනවා. ඒනිසා ඔහුත් ඒ වරදම කරලා තියනවා නම් අනිත් අයට ලැබෙන දඩුවමම ඔහුට ලැබෙයි. නාවික හමුදාවේ සිටියදි ලෑබිම් අතර ඝට්ටනයක් තියෙන්නේ බෑ. නාවික හමුදාවේ ඉන්න ගමන් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවානම් එතන ලැදියාවන් අතර ගැටුම් පිළිබඳව ගැටළුවක් තියනවා.”

Commander of the Navy Vice Admiral Travis Sinniah