හිටපු ආර්යාව දින 4කට කාපු කැමක්….2014 වසරේ Four Seasons Hotels හි රුපියල් දෙකෝටි පනස්ලක්ෂ වියදම් කල හැටි මෙන්න

0

යුනෙස්කෝ වෙසක් උත්සවය පැවති 2014 වසරේ මැයි 20 වනදා සිට 24 වනදා තෙක් දින 04ක කාලයක් සඳහා පැරීසියට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ඇ‍යගේ ඥාති කාන්තාවක වන ඩේසි ෆොරස් ඇතුළු සිව් දෙනෙකුගේ සංචාරය සඳහා වැය වූ රුපියල් දෙකෝටි පනස්ලක්ෂ අසූදහස් හයසිය අසූඑකයි ශත හතලිස් නවයක (රු. 2,508,0681.49) බිල්පත් සියල්ලම මෙ වනවිට අනාවරණය වි තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස අතරට තානාපති නිලධාරිනියක් හෝ නිලධාරියෙකුද ඇතුළත්ව සිට ඇති අතර ඔවුන් සිව්දෙනාගෙම කාමර සහ ආහාර බිල රුපියල් එක්කෝටි හැටඑක්ලක්ෂ හැත්තෑපන්දහස් හාරසිය හැට පහයි ශත හැත්තෑ හයකි (රු.16,175,465.76)

මොවුන් සහභාගී වූ සංචාරයට අමතරව පුද්ගලික ගමන් කිහිපයකද යෙදී ඇති අතර එම සියළුම ගමන් බිමන් සඳහා වාහන පහසුකම් සපයා ගැනීමේදී අති සුඛෝපභෝගී මෝටර්රථ යොදාගෙන තිබේ. ඒ සඳහා රුපියල් හැත්තෑපන්ලක්ෂ අනූතුන්දහස් හැටඑකයි ශත පනස් නවක් (රු. 7,593,061.56) වැය කර ඇත.

මිට අමතරව රුපියල් එක්ලක්ෂ පනස් තුන්දහස් හයසිය අටක (රු.153,608) මුදලක් වැය කර ඇත්තේ මත්පැන් පානය සඳහා බව අදාළ බිල්පත් පිරික්සීමේදී අනාවරණය වේ.

මෙම සංචාරයට අදාල බිල්පත් සියල්ල මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එය පහතින් දැක් වේ.