Home / Featured / “තවම පටන් ගත්තා විතරනේ…”මේ පලවෙනියා හෝ අවසාන කෙනා නොවේ….ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන් 6කට එරෙහිව විනය පරීක්‍ෂණ

“තවම පටන් ගත්තා විතරනේ…”මේ පලවෙනියා හෝ අවසාන කෙනා නොවේ….ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන් 6කට එරෙහිව විනය පරීක්‍ෂණ

කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂට එරෙහිව රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගය, රජය විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාට ද පොදු වන්නේදැයි මාධ්‍යවේදීන් ඊයේ (23)ප්‍රශ්ණ් කර සිටියා.ඒ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එයට පිළිතුරු දුන් සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සදහන් කළේ කැබිනට් මණ්ඩලය ලෙස ගත් සාමුහික තීන්දු ‍විවේචනය කළේ යැයි සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් චෝදනාවක් එල්ලවී නොමැති බවත්, එවැනි චෝදනාවක් ඉදිරිපත් වු‍ණොත් ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවයි.

“කැබිනට් මණ්ඩලය ලෙස අපි ගත් තීන්දු ගැන එළියට ඇවිත් විවේචන කරනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. අපි සාමුහිකව එකඟ වුණා නම් යම් කරුණක් සම්බන්ධයෙන් අපේ විරෝධතා ඉදිරිපත් කරන්න ඕනෑ කැබිනට් මණ්ඩලය ඇතුළෙයි. ඒ වගේම මෙහෙම ගිහින් එළියේ කතා කළ පළමු සහ අවසන් කෙනා සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා නෙවෙයි. අපි බලමු ජනාධිපතිතුමා එක්කත් කතා කරලා මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න තීරණය කියලා”

එම ප්‍රශ්ණය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේ “තවම පටන් ගත්තා විතරනේ…”

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමේ යෝජනාවක් ලබන සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවකදි තීරණය වී තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවිත‍්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, ප‍්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, කුමාර වෙල්ගම සහ දිලූම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වීමට යෝජනා වී ඇති බවද වාර්තා වේ.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...