මන්ත්‍රී සනත් නිශාන්ත‍ ශ්‍රීලනිපයෙන් නෙරපයි!…විනය පරීක්ෂණ යෝජනාව මධ්‍යම කාරක සභාවට ….පක්ෂයෙන් දොට්ට දැම්මොත් මන්ත්‍රී ධූරය නෑ

1

පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත‍ විනය පරීක්ෂණයෙන් වැරැදිකරු කොට පක්ෂයෙන් නෙරපා හැරීමේ යෝජනාවක් මීළඟ ශ්‍රිලනීප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සම්මත කර ගැනීමට සුදානමක් පවතින බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වීමේ යෝජනාවක් පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සොයිසා සහ දිලුම් අමුණුගම යන අයට එරෙහිව මෙම විනය පරීක්ෂණ පැවැත්විය යුතුයැයි මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් එකඟතාවකට පැමිණ ඇත.

මෙම යෝජනාව පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කිරීමටත් පක්ෂ සංවත්සරයට පෙරාතුරව විනය පරීක්ෂණ පවත්වා මෙම මන්ත්‍රීවරුන් පිරිස පක්ෂයෙන් නෙරපා හැරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ පක්ෂයේ තීන්දු තීරණ විවේචනය කිරීම නිසා මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර එම චෝදනා සනාථ කිරීම සඳහා මාධ්‍ය වාර්තා ඇතුළත් ලිපිගොනු ද මේ වන විටත් සකසා ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව චම්පානි පද්මසේකරගේ සභාපතිත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වන අතර 19 වැනි සංශෝධනයට අනුකූලව පක්ෂයෙන් නෙරපන අයකුගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමේ අවදානමක් පවතී.

1 COMMENT

  1. එළවන අයට නීති උපදෙස් විජේදාසගෙනි….විජේදාස විසින් ඒකාබද්ධ විපක්ෂය අලියාගේ නැට්ට අස්සේ හංගලා තමයි පස්ස බලන්නේ

Comments are closed.