Home / Featured / හැම දූෂිතයෙක්ම, හැම මිනීමරුවෙක්ම මම නීතිය හමුවට ගේනවා- මාව යවන්න හදපු ගොඩ දෙනෙකුට යන්න වුණා

හැම දූෂිතයෙක්ම, හැම මිනීමරුවෙක්ම මම නීතිය හමුවට ගේනවා- මාව යවන්න හදපු ගොඩ දෙනෙකුට යන්න වුණා

විශ්වාසභංග යෝජනා 1ක් නොව 10 ගෙනාවාත් සිය වැඩපිළිවෙළ වෙනස් කිරීමට නොහැකි බවත් තමාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවා අවසානයේ තමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බවට පරිවර්තනය වන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් අද (24) කැඳවමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේක අත්සන් කරලා තියන බොහෝ දෙනා දූෂණ වංචා චෝදනාවලට ආව කට්ටිය. ඉතින් මම සන්තෝස වෙනවා මේ දීලා තියන එක වෙනුවෙන්. මොකද විශ්වාසභංග 1ක් නෙමෙයි 10ක් ගේන්න කියලා මම කියනවා අයට. මම මගේ ගමන යනවා. හැම දූෂිතයෙක්ම, හැම මිනීමරුවෙක්ම මම නීතිය හමුවට ගේන්න මගේ ශක්ති ප්‍රමාණයෙන් සියළුම දේවල් කරනවා. අවසානයේදී මට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බවට මේක පරිවර්තනය වෙනවා කියලා මම කියනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ රවි කරුණානායකට මෙන් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට සිදු වේද යන වගයි. එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යාංශ සඳහන් කළේ.

“කොහේ ඉවත් වෙන්නද? මොකෙන් ඉවත් වෙන්නද? මාව ඉවත් කරන්න ආව ගොඩක් දෙනෙකුට යන්න උණා. ඉස්සරහටත් ඒකමයි වෙන්නේ. රවී ඇමතිතුමාටත් චෝදනා ආවේ නෑ. එයා හිටියේ සාක්ෂිකාරයෙක් විදියට විතරයි. සුසිල් ප්‍රේමජයන්ත වගේ අපේ  ජනවාරි 08 ස්ථාවරයට පිටින් ගිහින් කටයුතු කරන අයට චෝදනා එල්ල වෙයි,” යනුවෙනි.

 

 

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...