Home / Featured / රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකාලා… අධිකරණ ඇමති අයින් උනාට පස්සේ කට්ටිය වෙවුලනවා කට්ටියට බඩ යනවා….නෝනගේ වයස නෝනගේ අක්කාට වඩා අඩුයි…

රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකාලා… අධිකරණ ඇමති අයින් උනාට පස්සේ කට්ටිය වෙවුලනවා කට්ටියට බඩ යනවා….නෝනගේ වයස නෝනගේ අක්කාට වඩා අඩුයි…

අද (24) පාර්ලිමේන්තුවේදි, නලින් බණ්ඩාර සහ විමල් විරවංශ අතර සංවාදයක් ඇතිවුනා….

“පාස්පෝට් ගැන කතා කරනවා. තමන්ගේ පාස්පෝට් දෙකක් තියනවා ඔය විජේදාස රාජපක්ෂ මහත්තයාට පිං සිද්ධ වෙන්න තමා අහිංසක මිනිහෙක් හම්බවුණා නම් කොහේද? අහිංසක මිනිහෙක්ගේ පාස්පෝට් එකක් හම්බ වුනා නම් එහෙම රිමාන්ඩ් කරලා අද එහෙනම් ඇප නෑ.”

විමල් වීරවංශ

“තමුන්නාන්සේලාගේ CIDය මාව අත්තඩංගුවට ගත්තා. අත්තඩංගුවට අරන් ඉදිරිපත් කළා උසාවියට උසාවියෙන් ඇප දුන්නා ඔය කියන ඒවා සම්පූර්ණ බොරු,”

නලින් බණ්ඩාර

“පාස්පෝට් දෙකක් විතරක් නෙමෙයි උප්පැන්න දෙකකුත් තිබුණා. මෙයාට විතරක් නෙමෙයි උප්පැන්න දෙක මෙයාගේ නෝනටත් තිබුණා. මේවා මේ රටේම ප්‍රසිද්ධ දේවල්,”

විමල් වීරවංශ

“මන්ත්‍රිවරුන්ට අවමන් කරන්න අපහාස කරන්නට මේ තිරිසන් මන්ත්‍රිට අයිතියක් නැහැ. මේ ඊයේ රෑ කැසිනෝ ගහලා නිදි මරලා ඇවිල්ලා දැන් නිදි ඉකාරෙන් දොඩවන්නේ. මේ රනිල් වික්‍රමසිංහගේ රෙදි හෝදන ඇයෝ,”

නලින් බණ්ඩාර

“ඔය රාජපක්ෂලාගේ සැරෙප්පු ලෙවකාලා දැන් විජේදාස රාජපක්ෂ මහත්තයාව එලව්වට පස්සේ දැන් බයේ වෙවුලනවා. දැන් බයේ වෙව්ලනවා හෙට අනිද්දට නීතිය ක්‍රියාත්මක වෙනකොට, තමන්ගේ ගේ ඇතුලේ මිනිමැරුමක් සිද්ධ වුණා. තමන්ගේ පුතාගේ යාළුවා ව්‍යාග්‍රා ගහලා මීනිමැරුමක් කරලා තමන්ගේ ගේ ඇතුලේ මේ පරීක්ෂණත් යට ගහලා රාජපක්ෂ වෙන්න පුළුවන්. අධි මාත්‍රාවෙන් ව්‍යාග්‍රා ගහලා.”

විමල් වීරවංශ

“මගේ නම් සඳහන් කරමින් මෙතුමා අභූත චෝදනා කරනවා ඒ ගැන කරුණු පැහැදිළි කරන්න ඕන. මගේ නිවසේ මැරුණ මගේ පුතාගේ යාළුවාගේ මරණය දැන් මරණ පරීක්ෂණ නියම කරලා දැන් උසාවියත් තීරණය කරලා ඉවරයි ඒක ස්වභාවික මරණයක් කියලා. එවැනි ස්වාභාවික මරණයකට තමයි ඔය පහර ගහන්නේ.”

නලින් බණ්ඩාර

“ඔය හොරු පහුගිය කාලයේ හොරකම් කරලා මිනිමරපු අය, මාලිගා හදපු අය. අපි කවුරුවත් නෙමෙයි කඩුවෙල බුද්ධදාස මහත්තයා තමයි කිව්වේ මාලබේ මංගල මාවතේ මාලිගා හැදුවා කියලා. තනගේ සහෝදරයා සරත් වීරවංශ ඒ ගෙවල් දුන්නා. අපෙන් අහගන්න එපා ඔය දේවල්. එක්ලක්ෂ විසිපන්දාහයි කුලිය. තමන්ගේ රටේ ජනතාවගේ සල්ලි මංකොල්ල කාපු අපි දන්නවානෙ මේ අය මාවරමංඩිය කඩ මංඩියේ කොමියුනිකේෂන් එකක් දා ගෙන හිටපු මනුස්සයාට මෙච්චර කොහෙන්ද සල්ලි. වෙන මුකුත් නෙමෙයි හොරකම් කරපු සල්ලි. දැන් ඊයේ පෙරේදා අධිකරණ ඇමති අයින් උනාට පස්සේ කට්ටිය වෙවුලනවා කට්ටියට බඩ යනවා. මොකද දැන් නීතිය ක්‍රියාත්මක වීම වේගවත් වෙන හින්දා. තිස්ස විද්‍යාලය අල්ලපු ගෙදර මනුස්සයා මරපු හැටි අපි දන්නවා. තමන් එක්ක එකට ගිය මිනිහා මරපු හැටි අපි දන්නවා. ඒවගේම අපෙන් අහගන්න එපා පොලොන්නරුව දිහා තියන සම්බන්ධකම් හරිද? අනුර කුමාර දිසානායක මහත්තයා එක්ක ඉදලා එකේ තියන පිං කැටේටත් විදලා ආපු මිනිස්සු තමයි දැන් සුදනෝ විදියට කතා කරන්නේ. තමන්ගේ අහිංසක දෙමාපියෝ දුන්න නම් වෙනස් කරලා පස්සේ වෙනත් නම් දාගෙන වෙනත් පාස්පෝට් හදා ගෙන නෝනගේ වයස නෝනගේ අක්කට වඩා අඩු කරගෙන මේවා කෙරුවට ජාතික වීරයෝ වෙන්නේ නෑ. මේවා තමයි අසමත්ජාතිකම් තමන්ගේ දෙමාපියන්ටත් අගෞරව කරපු වැඩ.”

Nalin Bandara

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...