Home / Featured / එදා බැසිල් සුළු ජාතික නියෝජනය නැති කරන්න සීමා නිර්ණය කළා… මේ ඡන්දය කල් දාන්න කිසිඳු ඉඩක් දෙන්න නෑ..

එදා බැසිල් සුළු ජාතික නියෝජනය නැති කරන්න සීමා නිර්ණය කළා… මේ ඡන්දය කල් දාන්න කිසිඳු ඉඩක් දෙන්න නෑ..

බැසිල් රාජපක්ෂ මහතා සීමා නිර්ණය කලේ සුළු ජාතික නියෝජනය නැති කිරිමට බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ විවිධ අභියෝග මැද්දේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හා ගමට මන්ත්‍රීවරයකු පත්කර ගැනීමේ වරම ලබාගැනීම සඳහා අවස්ථාව උදා වී තිබෙන බවයි.

“මේ පනත් කෙටුම්පත ඉතාම හොඳ එකක්. මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ. මේ රජය කිසිඳු අවස්ථාවක මැතිවරණය කල් දමා නැහැ. සීමා නිර්ණය හරියට නොකෙරුණු නිසා අභියාචනා ක්‍රියාදාමයකට යන්න වුණා. මේ වෙනුවෙන් වසර එකහමාරක් අවශ්‍ය වුණා. අපිට ඇඟිල්ල දිඟු කළත් සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවක් තිබෙනවා සීමා නිර්ණය කටයුතු නිසි පරිදි නොකෙරුණු බවට. ඒ අතරතුර අපි සාකච්ඡා කළා. මේ පනත සංශෝධනය නොකර සියලුම දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉටුකරන්න බැහැ කියා පැවසුවා. ඒ පදනම යටතේ අමතර සංශෝධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.”

“2012 අංක 22 දරණ පනත යටතේ මන්ත්‍රීවරු සියයට 30ක් සමානුපාතික ක්‍රමයට හා සියයට 70ක් කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පවත්වන්න එකඟ වී තිබෙනවා. මේ ගණනයේ දී සමානුපාතික ක්‍රමයෙන් මන්ත්‍රීවරු ලැබෙන්නේ සියයට 23යි. මේ නිසා ප්‍රධාන පක්ෂ දෙක හැරුණු විට අනෙක් පක්ෂ සියල්ලට අසාධාරණයක් සිදුවෙන බව අපි දන්නවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා දුන් ඡන්ද පොරොන්දුවක් කොට්ඨාස ක්‍රමයට පවත්වනවා කියා ප්‍රකාශ කළා. ඇතැමුන් කකුලෙන් ඇද්දා. අභියෝග මැද්දේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හා ගමට මන්ත්‍රීවරයෙකු පත්කර ගන්න අද අවස්ථාව ලැබී තිබෙනවා. කාන්තා නියෝජනය සියයට 25 දක්වා ඉහළ නංවා තිබෙනවා. සුළු මත දරණ පක්ෂ සියයට 40 දක්වා ඉහළ නංවන්න ඉල්ලීමක් කළා. කාන්තා නියෝජනය ආරක්ෂා කරන පදනම මත එය කළා. මේ රටේ කාන්තාවන්ට දේශපාලනයට එන්න අවස්ථාව දී තිබෙනවා. තම භාර්යාව හෝ සහෝදරිය ඉදිරිපත් නොකරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා.”

“බිම් මට්ටමේ කාන්තා නියෝජනය සියයට 1ට වඩා අඩු මට්ටමක තිබෙනවා. අද සුළු ජාතිකයන් ගැන කතා කරනවා. අපි අවුරුදු 30ක් බැට කෑ ජාතිකයක් ලෙස අපේ ජාතිය ගැන කුලය ගැන සිතීම ගැන කනගාටු වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සීමා නිර්ණය කලේ සුළු ජාතික නියෝජනය නැති කරන්නයි. මට එහි යම් යම් සීමාවන් තිබුණත් ඒ අඩුව සම්පූර්ණ කරන්න කටයුතු කළා. නමුත් නව කොට්ඨාස බිහි කිරීමේ වරම මට නැහැ. මම නීති උපදෙස් ලබාගෙන මේ සඳහා විසඳුම් දෙන්න කටයුතු කරනවා. මේ ඡන්දය කල් දාන්න කිසිඳු ඉඩක් දෙන්න බැහැ. මේ ඡන්දය කල් දැමීමට වගකිව යුත්තේ මම නොවේ. නව රජය යටතේ සීමා නිර්ණය වාර්තාව ජනාධිපතිවරයාට බාරදුන්නේ.”

“අපි අවුරුදු එකහමාරක කාලයක් මේ සඳහා ගත්තා. නිලධාරිවාදයට යටත්ව මම කටයුතු කරන්නේ නැහැ. මේ කෙටුම්පත ඉතාම ප්‍රගතිශීලී එකක් වෙනවා. සියලුම මන්ත්‍රීන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. මේ කෙටුම්පත නොලැබුණා කියා චෝදනා කළා. හෙට උදේ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරනවා. ඇතැමුන් අනවබෝධයෙන් කතා කරනවා. සියලු දෙනාගේම සහායෙන් මේ ප්‍රශ්නයට මුහුණ දියයුතු වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රශ්නය වෙනස්. කොට්ඨාශ කඩාදමා සභාවන් බිහිකරන්න එකඟවුණා.”

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...