ඒකාබද්ධය ඡන්දෙට එන්නේ පොහොට්ටුවෙන් – UNP හැර ඕනම පක්ෂයක් එක්ක එකතු වෙන්න කැමතියි

0

ඉදිරි පළාත් පාලන ඡන්දයට ඒකාබද්ධ විපක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරනවා.

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග අද (25) නෙලුම් මාවතේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන්කළා .

එහිදි අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“අපි ස්ථීර වශයෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අපේ සහෝදර දේශපාලන පක්ෂය සමග එකතු වෙලා තරග කරනවා. අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් ඕනෑම  දේශපාලන පක්ෂයකට අපිත් එක්ක සන්ධාන ගත වෙලා තරග කරන්න කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිසිම බාධාවක්නැහැනේ අපිත් එක්ක එකතු වෙන්න. අපිට හැප්පෙන්න කවුරු හරි ඉන්නත් එපැයි ඒනිසා එක්සත් ආතික පක්ෂය අපිත් එක්ක එකතු වෙන්න ඕන නැහැ. ඒත් එක්සත් ජාතික පක්ෂයේ ගොඩක් අයා අපිත් එක්ක එකතු වෙනවා,” යනුවෙන් ප්‍රකාශ කළා.