Home / Featured / අමිපාර සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් පොඩිඩන්ට ඇණයක් වෙයි.. අසභ්‍ය වචනතර්ජන කිරිම් මදිවට සහොදරයා මත්ද්‍රව්‍ය වෙළදාමේ

අමිපාර සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් පොඩිඩන්ට ඇණයක් වෙයි.. අසභ්‍ය වචනතර්ජන කිරිම් මදිවට සහොදරයා මත්ද්‍රව්‍ය වෙළදාමේ

අම්පාර පොලිස් අධිකාරි කර්්‍යාලය යටතේ පාලනය වන මහව, පදියතලාව,දෙහිඅත්තකණ්ඩිය යන පොලිස් ස්ථාන භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි ඒ.ඩි චන්ද්‍රපාලගෙන් එම පොලිස් ස්ථානා භාර පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ සෙසු පොලිස් නිළයින්ට නිතර නිතර අසභ්‍ය වචනයෙන් බැන වදිමින් විවිධ තර්ජන කිරිම හේතුවෙන් එම නිළධාරින් රාජකාරි කිරිමේදි දැඩි අසිරුතාවයට පත්වි තිබෙනවා.

එම තත්ත්වය මත එම පොලිස් ස්ථාන වල රාජකාරි කරන පොලිස් ස්ථානාධිපතිවරුන් කෙටි කලකින් ස්ථාන මාරුවිමි ලබා යන බවත් සෙසු පොලිස් නිළධාරින් ඔහුගේ දැඩි පිඩන හමුවේ කළකිරිමෙන් රාජකාරි වල නිරතව සිටින බවයි සෙසු පොලිස් නිළධාරින් චෝදනා කරන්නේ. මෙම සහකාර පොලිස් අධිකාරිවරයා අරලගංවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ සහෝදරයෙකු නිති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටින බවත් ඔහුට එරෙහිව කිසිදු නිතිමය පියවරක් මෙම සහකාර පොලිස් අධිකාරිවරයාගේ බල පෑමි මත පොලිස් ස්ථානාධිපතිවරුන් සිදු නොකරන බවයි පොලිස් නිළධාරින් පවසන්නේ.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයාගේ හිරි හැර පිළිබදව අමිපාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අමිපාර දිසාව භාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතා පැමිණිකළද ඔහුන්ගෙන් මේ සදහා සාදාරනයක් ඉටුවි නොමැති බවයි පිඩාවට පත්වි සිටින සෙසු පොලිස් නිළධාරින් පවසන්නේ. ෙමි සමිබන්ධයෙන් එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් අප කරුණු විමසිමට උත්සහ කළත් එය ව්‍යාප්ත වුණා.

රංජිත් රාජපක්ෂ-හැටන්

Ampara

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

One comment

  1. If some one wants to be updated with hottest technologies after that he must

    be pay a quick visit this site and be up to date daily.