Home / Featured / තලතා අධිකරණයට අත පොවයි ද?…තලතා දේවිය ඉන්නේ ඇස් බැඳ ගෙන නොවේ…. ඒ මදිවාට හොඳට පේන්න ලොකු කන්නාඩි කුට්ටමකුත් දාලා

තලතා අධිකරණයට අත පොවයි ද?…තලතා දේවිය ඉන්නේ ඇස් බැඳ ගෙන නොවේ…. ඒ මදිවාට හොඳට පේන්න ලොකු කන්නාඩි කුට්ටමකුත් දාලා

රටේ අධිකරණය පිළිබඳ යුක්තිය පසඳලන යාන්ත්‍රණය පිළිබඳ තව දුරටත් විශ්වාසය රැක ගැනීමට නම් තමන්ට පාද සටහන් කල්ලිය හමුවීමට බල පෑ හේතුව සහ එහිදී සාකච්ඡා කලේ මොනවාදැයි නීතිපති විසින් රටට හෙලි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (අගෝස්තු 28) සදහන් කළා.

“මගේ වෘත්තීය සගයකු වන තලතා අතුකෝරාල ඇමතිතුමියට අධිකරණය ඇමති ධූරය ලැබීම පිළිබඳ අපි සුබ පතනවා.  අපිට එතුමිය එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නැ. අපිට ඇමතිතුමියගෙන් බේරා ගන්න තිබෙන්නේ එකම එක ප්‍රශ්නයයි.  ඇමති ධූරය භාර ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට ඔබතුමිය එකඟ වුණා ද නැද්ද?  මේක මගේ ප්‍රශ්නයක් නොවේ.  සමස්ත ජාතියටම තිබෙන කුකුසක්.  තමන්ව ඉවත් කරන්නේ අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට එකඟ නොවුණු නිසා කියලා හිටපු අධිකරණ ඇමති විජේදාස මැතිතුමා පැවසුවා.  එසේ නම් නව අධිකරණ ඇමතිතුමියට ඒ තනතුර ලැබුණේ අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න එකඟ වුණු නිසා ද කියන ප්‍රශ්නයට වහාම පිළිතුරු සැපයිය යුතුයි.”

“තමන්ගේ තරාදියේ දෙපැත්තට වැටෙන නීති තර්ක සහ කරුණු මත මිස ඒ කරුණු ගෙනෙන පුද්ගලයා මත නොවේ නීතියේ දෙවඟන තීන්දු ගත යුත්තේ.  ඒ නිසා තමයි නීතියේ දෙවඟනගේ ඇස් කළු රෙදි පටියකින් බැඳ තිබෙන්නේ.  නමුත් තලතා දේවිය ඉන්නේ ඇස් බැඳ ගෙන නොවේ.  ඒ මදිවාට හොඳට පේන්න ලොකු කන්නාඩි කුට්ටමකුත් දා ගෙන. ඒ නිසා අනික් කට්ටියත් වඩා වැඩියෙන් පේනවා. තලතා ඇමතිතුමිය අධිකරණයට බලපෑම්  කරන්නට එකග වුනාද කියන කාරණයටනම් උත්තර බැදිය යුතුමයි.”

නීතිපති – අගමැති සාකච්ඡාව රටට හෙලි කළ යුතුයි

පසුගිය සතියේ දී අගමැතිතුමා කෝප් පාද සටහන් කල්ලිය පිරිවරා ගෙන අරලියගහ මන්දිරයේ දී නීතිපති හමු වුණා.  හිටපු අධිකරණ ඇමතිතුමා නම් කියන්නේ පාද සටහන් කල්ලිය නීතිපතිට ඉතාම අශීලාචාර විධියට කතා කළා කියලා.  නීතිපති කියන්නේ අගමැතිතුමා කැඳෙව්වේ නෑ  මමයි හමුවක් ඉල්ලා ගියේ කියලා.

බැඳුම්කර කොමිසම ඉදිරියට මී ළඟට ගෙන්විය යුත්තේ අගමැති සහ පාද සටහන් කල්ලිය බවට ජනතාව හඬ නගනවා.  ඒ අතරේ නීතිපතිට පාද සටහන් කල්ලිය හමු වීමට අවශ්‍ය වුණේ ඇයි?  පැමිණිල්ලේ නීතිඥයා විත්තිකරුවන්ව හොර රහසේ හමු වෙලා සාකච්ඡා කරන බව මම මේ ඇහුව්වාමයි.

නීතිපති සහ පාද සටහන් කල්ලිය රහස් සාකච්ඡා පැවැත්වීමෙන් බැඳුම්කර කොමිසම මෙතෙක් ආ ගමන් මග වෙනස් වෙයිද? කොමිසමටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑමක් එල්ල වෙයිද කියන කුකුස ජනතාවට ඇතිවෙලා කොමිසම ගැන විශ්වාසය පලුදු ෙවන්න ඉඩ තිබෙනවා.  ඒ නිසා මේ රටේ අධිකරණය පිළිබඳ යුක්තිය පසඳලන යාන්ත්‍රණය පිළිබඳ තව දුරටත් විශ්වාසය රැක ගැනීමට නම් තමන්ට පාද සටහන් කල්ලිය හමුවීමට බල පෑ හේතුව සහ එහිදී සාකච්ඡා කලේ මොනවාදැයි නීතිපති විසින් රටට හෙලි කළ යුතුයි.

මට හිතාගන්න බෑ ඇයි නීතිපතිවරයෙක් අගමැතිව හමුවෙන්න යන්නේ කියලා. නීතිපති ඉන්නේ ජනපති අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුවටම නීති උපදෙස් දෙන්න.  ඒ උපදෙස් වලින් සමස්ත ආණ්ඩුවම බැඳෙනවා.  එහෙම මිස ජනපතිටවත් අගමැතිටවත් බෑ නීතිපතිට උපදෙස් දෙන්න.  ඒ නිසා නීතිපති අගමැතිගෙන් උපදෙස් ගත්තා නම් එතැන බරපතල වරදක් තිබෙනවා.

Thalatha Atukorale

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *