Home / Featured / ආණ්ඩුව 2020 වෙනකම් පෙරලෙන්නෙත් නෑ, පෙරලන්නත් බෑ – හැමෝම විදුලි පුටුවට යන එක නතර කළේ අපියි

ආණ්ඩුව 2020 වෙනකම් පෙරලෙන්නෙත් නෑ, පෙරලන්නත් බෑ – හැමෝම විදුලි පුටුවට යන එක නතර කළේ අපියි

කවුරුන් කුමන කතාවන් පැවසුවත් කුමණ පාර්ශවයන් ආණ්ඩුවෙන් ඉවත්ව ගියත් වර්තමාන සම්මුතිවාදි ආණ්ඩුව 2020 වන තුරු පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අද (30) උදෑසන මාධ්‍යඅ ආයතන ප්‍රධානීන් සමග කොටුව ජනාධිපති මන්දිරයේදි පැවති සුහද හමුවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සම්මුතිවාදී ආණ්ඩුව සාර්ථක මෙන්ම අසාර්ථක බවද සිටින නමුත් සම්මුතිවාදි ආණ්ඩුව මගින් ආර්ථික අභියෝග ජය ගැනීමට හැකියාවක් ලැබුණු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පවසා සිරියේ,

අපේ රටේ පසුගිය අවුරුදු දෙකහමාරක කාල සීමාව ගත්විට, 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා කාලය මේ රටේ කවුරුන් කෙසේ කුමනාකාරයෙන් විවේචනය කළත්, විග‍්‍රහ කළත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ශක්තිමත් වූ යුගයක් සහ කාල සීමාවක් විදියටයි මම හඳුන්වන්නේ. අපි පසුගිය අවුරුදු දෙකහමාරක කාල සීමාව තුළ කළේ මොනවාද? කියන ප‍්‍රශ්නාර්ථය ඇතැම් අය නගනවා. නමුත් අපි 2015 ජනවාරි 08 වැනිදා ඡන්දයෙන් බලයට පත්වන විට මේ රට ආර්ථික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් වැටී තිබුණේ ඉතාමත් බරපතළ අගාධය සෝචනීය තත්ත්වයකයි. එය මම දකින්නේ ජාතික වශයෙන් ඇති වූ ඛේදවාචකයක් ලෙසයි. එය දේශපාලන ඛේදවාචකයක්. ආර්ථික ඛේදවාචකයක්. ඒ නිසා එදා මම හිටපු ආණ්ඩුවේ නායකත්වය බලයේ සිටීමට තවත් අවුරුදු දෙකක කාලයක් තිබියදී සියලු දෙනා එපා කියද්දි තිබුණු සහ එන ප‍්‍රශ්නවලට මුහුණ දීමේ නොහැකියාව නිසා සහ එම අභියෝගවලට මුහුණ දීමට නොහැකි නිසායි මැතිවරණයකට ගියේ. එම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ අපිට ඒ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තුළ අපිට ජාත්‍යන්තර වශයෙන් තිබුණු බලපෑම්, යෝජනා සහ ඉල්ලීම් සියල්ලම නිදහස් ස්වාධීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විදියට ගළපා ගනිමින් සමතුලිත කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් යථාර්ථවාදී ලෙස සොයමින් රටට සහ රටේ අනාගතයට,ස්වාධීනත්වයට බලපෑමක් ඇති නොවන ආකාරයට විසඳා ගැනීමට සහ විසඳාගෙන යාමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමට පුළුවන්කම ලැබුණා.”

“කවුරුත් කතා කළ ඇතැම් වෙලාවට දැනුත් ඉඳහිට කතා කරන විදුලි පුටුව, යුද අධිකරණය, විදේශ විනිශ්චයකාරවරු ඒ සියල්ලම අපිට නවතා ගැනීමට හැකි වුණා. කවුරුන් ප‍්‍රශ්නය යටගහන්න උත්සාහ කළත් අපි බලයට පත්වන විට අපිට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ කරලා තිබුණේ. එම ආර්ථික සම්බාධක පැනවීම බොහෝම පැහැදිලියි. යුරෝපයට මාළු ගැනීම නැවතුනා. අපේ ධීවර මත්ස්‍ය නිෂ්පාදන සම්පූර්ණයෙන්ම නැවතුනා. එමෙන්ම GSP සහනය අපිට අහිමි වුණා. ඒ ආර්ථික සම්බාධකවල ආරම්භය.”

“2015 ජනවාරි 08 වැනිදා මා ජයග‍්‍රහණය නොකර, මැතිවරණ ප‍්‍රතිඵලය වෙනස් වූවා නම් අද මේ රට තිබෙන තත්ත්වය කෙසේද කියා බොහෝ අය හෘද සාක්ෂියෙන් අහන්නේ නැහැ. මේ කාල සීමාව තුළ අප කළේ මොනවාද කියන ප‍්‍රශ්නය අහනවාට වඩා 2015 ජනවාරි 08 සිදුවූ පරිවර්තනය සිදු නොවුනා නම් මේ වන විට රට තිබෙන්නේ කුමන තැනකද කියන කාරණාව ඉතාමත්ම විමර්ශනාත්මක දේශපාලන බුද්ධියෙන් අධ්‍යයනය කළ යුතු දෙයක්. අපිට විවේචන තිබෙනවා. චෝදනා තිබෙනවා. අපේ රටේ පමණක් නොවේ. ලෝකයේ කිසිම රටක නොහැදුණු ආණ්ඩුවක් අපි හදලා තියෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව. මේ ආණ්ඩුවේ සාර්ථක අසාර්ථකභාවය ගැන කතා කරනවා. පිරිසක් අසාර්ථකයි කියා කියනවා. ඒ වගේම තවත් පිරිසක් සාර්ථකයි කියා කියනවා. නමුත් අපිට තිබුණු ආර්ථික අර්බුදය සහ අන්තර්ජාතික වශයෙන් අපි මුහුණදී තිබූ අභියෝග අපිට ජයගන්න පුළුවන් වුණේ පැහැදිලි ලෙසම සම්මුතිවාදී ආණ්ඩුව නිසයි. යම් කෙනෙක් තර්ක කරනවානම් කරුණු ඉදිරිපත් කරනවානම් විවාදාත්මකව ඒ ස`දහා කරුණු පැහැදිලි කරන්න අපි ඕනෑම අවස්ථාවක සූදානම්. අපි මූලික වශයෙන් ඒ තිබුණු ගැටලු නිරාකරණය කරගෙන කටයුතු කරගෙන යනවා.” යනුවෙනි.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

3 comments

  1. Sriyani Mangalika

    I know you I have power to Rule us until 2020. I personally feel injustice that I have never felt as an only parent of a teenage son being deprived our basic amenities and having being cornered by the whole society without any valid reason even with very difficulty I receive my basic utilities having paid exceeding Rs 15000/= where I live with my son and old mother in my old house. I feel I am isolated ,cornered and made helpless in my own motherland. I feel it since I was among love of all around.I am helpless without no one to complain even . I am in the bottom of the set upand I observe how all around me suffer and I notice there is no freedom to talk at all today in our setup.

  2. Gramasewaka Samurdi Niyamaka Govi niyamaka yana niladarinta chanda illanna denna epa kiyana eka Methiwarana Commission Sabapathi thumage honda yojanawak. Gramasewaka kenek Rajawela ratata wee thibena apalaya deka ethuma me yojanawa idiripath karanna ethi. Eth e kale 8 pass nethi gramayo mehema karumakkarayo unath Den inna Samurdi ha govi niyamaka niladareen wedi dena A/L pass aya. Samaharu upadi dareen.

  3. It’s going to be finish of mine day, but before ending I am reading this fantastic paragraph to improve

    my know-how.