යුද්ධය ඉවර උනාට ත්‍රස්තවාදී ආකල්ප ඉවර වෙලා නෑ – අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දෙන්න ඕන

0

තිස් අවුරුදු යුද්ධය නැති කළාට, ත්‍රස්තවාදය, ජාතිවාදය නැති කළාට එම ආකල්ප, හැගීම්, මුදල් ලැබෙන ක්‍රමවේදයන් ආයුධ පරිහරණය වැනි කාර්යයන් තවම නතර කිරීමට හැකියාවක් ලැබී නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

මීපේ පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කර සිටියා.

“අවුරුදු 30ක් පුරා එල්ටීටීඊ සම්බන්ධව ත්‍රිවිධ හමුදාවට සහයට අපේම කියලා විශේෂ කාර්යය බලකායක් ගොඩනගාගෙන මේ රටේ මෙහෙයුම් වලට ගිහිල්ලා අපි යුද්ධය දිනා ගෙන මේ රටට සාමය ගෙනල්ලා දීලා තියනවා. සියළු දෙනා මේ රටේ ජනතාව සියළු දෙනා එකතු වෙලා ජාති ආගම් කුල මල දේශපාලන බේදයකින් තොරව මේ රට ස්වෛරී තත්තවයට ගෙනල්ලා භෞමික අඛන්ඩතාවයක් තියන රටක් විදියට පත් කරගෙන ඉදිරියට යන ගමනේදි අපිට ලොකු අභියෝගයක් තියනවා. තිස් අවුරුදු යුද්ධය නැති වුනාම නැවත් එන්නේ නැති විදියට ත්‍රස්තවාදය නැති කළාට ඒ හැගීම්, පුරුදු පුහුණු වෙච්ච විදිය ආදායම් මාර්ග අවි ආයුධ පරිහරණය, තිබුණු මහා විශාල අවි ආයුධ තොගය, තිබුණු ද්‍රව්‍ය හංගපු තැන් මේවා එක පාරට නැති වෙලා නෑ. ඒ නිසා කලින් කලට එක එක දේවල් එක එක පුද්ගලයන්ගෙන් මතු වෙනවා. සමහරු ඉන්නවා පුනරුත්තාපනය නොවිච්ච අය. අපි ඒවට මුහුණ දෙන්න ඕන. මේ කාලයේ පොලිසියට අසමාන්‍ය අභියෝග තියෙන්නේ. කවුරුත් පොලිසියට බනිනවා. අපි කරන දේවල් එලියට දැම්මොත් අපිත් පොත් දෙකක් ලියන්න පුළුවන්. ඒවා අවශ්‍ය නෑ වැඩේ කරන එක තමයි වැදගත් වෙන්නේ” එහිදි පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.