Home / Featured / හූනියම් කරනවා… කටු ගහනවයි… තෙල් තාච්චි වල දාලා… මෙහේ කාටවත් අත තියන්න දෙන්න එපා කියලා අගමැති කිව්වා…මම ගියා සිංගප්පූරු ගියා

හූනියම් කරනවා… කටු ගහනවයි… තෙල් තාච්චි වල දාලා… මෙහේ කාටවත් අත තියන්න දෙන්න එපා කියලා අගමැති කිව්වා…මම ගියා සිංගප්පූරු ගියා

තමන් අසනීප වු අවස්ථාවේ සිංගප්පූරුවේ ප්‍රතිකාර සදහා යැම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අදහස් දක්වා සිටියා.

 

ඔබතුමා මෙතන කතා කලා ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් ගැන. නමුත් අපි දිගින් දිගටම දැක්කා මේරටේ නායකයෝ ප්‍රතිකාර ගන්නේ විදේශ ගත වෙලා කියලා ඔබතුමාටත් ඒ චෝදනාව තියනවා.

“මගේ තීරණය මම ගත්ත එකක් නෙමෙයි. මෙහෙන් සෝභිත හාමුදුරුවෝ අපවත් වෙලා, ගුණවර්ධන මහත්තයා මිය ගිහිල්ලා. මෙහෙන් හූනියම් කරනවයි, කටු ගහනවයි අපේ මෙව්වා දාලා තෙල් තාච්චි වල දාලා. මේ තත්ත්වය මත අග්‍රාමාත්‍යතුමා මගේ පුතාට කතා කරලා කිව්වා මෙහේ කාටවත් අත තියන්න දෙන්න එපැයි.වහාම තාත්තව ගෙනියන්න ඕනෑම රටකට කියලා. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මාව ගෙනියන ජෙට් එකේ පවා මගේ පුතාට කිව්වා ප්‍රයිම් මිනිස්ටර්  ඔයා ගිහිල්ලා ඇහැ ගහගෙනම ඉන්න තාත්තා දිහා සිංගප්පුරුවට යනකම් කියලා. ඒක මේ ලංකාවේ වෛද්‍ය පද්ධතියේ තියන අවුලක් නෙමෙයි ආරක්ෂාව සඳහා කරපු දෙයක්. වෛද්‍යවරු ගැන නෙමෙයි. ඔතන ඇවිල්ලා ඩිප් එකක් දෙනකොට ඒක ඕෆ් කරන්න වෛද්‍යවරයෙක් නෙමෙයි ලේබර් කෙනෙකුටත් කරන්න පුළුවන්. ජනාධිපති අරමුදලෙන් දෙන ගාන ඕන තරම් වැඩි කරලා තියනවා. ඒක තීරණය කරන්නේ ජනාධිපති නේ,”

පහුගිය පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ඔබට චෝදනාවක් කළා

“අමුලික බොරු නේ. මම ඇහුවා කොයි රෝහලේද බෙහෙත් නැත්තේ කියලා. ඒ වේලාවේ කටට ඇවිල්ලා කිව්වා මොනරාගල කියලා. කටට ආවට කියනවා අරක නෑ මේක නෑ කියලා වාචාලකමට,”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *