ජනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරනවා…වව්නියාවේ “ජෝසප් කෑම්ප්” තුල අපරාධ කළා යැයි චොදනා

0

ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි. ඊයේ (30)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මීට ඉහතදී ද ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.

යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් අදහස් දක්වමි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ කෙසේවෙතත් නිශ්චිත චෝදනාවන් එල්ලවී ඇති චෝදනාවන් එල්ලවී ඇති හමුදා සාමාජිකයන් පිළිබඳව පරීක්ෂණ කිරීමට රජය පියවර ගන්නා බවයි.

” LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කලත් තවම එහි සංකල්ප තවමත් පවතින බව මෙයින් පැහැදිලි වෙනවා. මෙවැනි චෝදනාවන් මීට පෙරද හමුදා සාමාජිකයන්ට එල්ල කර තිබෙනවා .හිටපු යුධ හමුදාපති ජගත් ජයසිරියට එරෙහිව නැගී ඇති චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා”

මේ අතර තමාට එරෙහිව එල්ල කරන යුධ අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන් අවසන් මානූෂීය මෙහෙයුමේ දී යුධ අපරාධ සදහා අනුබල දුන් බවට එල්ල වන චෝදන සත්‍යය නොවන බවයි.

තමා බ්‍රසීලයෙන් පැමිණීම පිලිබදව කරුණු දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ තම ධුර කාලය අවසන් වූ බැවින් අගෝස්තු 31ට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබීම නිසා එසේ පැමිණි බවයි.

ජෙනරාල් ජගත් ජයසූරියට ඇති චොදනාව…….

වන්නියේ රෝහල්වලට බෝම්බ දැමීම, පුලිතේවන්, එල්.ටී.ටී.ඊ පොලිස්‌පති නඩේසන් ඇතුළු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඝාතනය කිරීම, වධකාගාර පවත්වාගෙන යැම යන සාවද්‍ය චෝදනා රැසක්‌ ජගත් ජයසූරිය ට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ප්‍රමුඛ ලතින් ඇමරිකානු මානව හිමිකම් කණ්ඩායම් විසින් 2015 සිට ශ්‍රී ලංකා බ්‍රසීල තානාපතිධුරය හෙබවූ හිටපු හමුදාපතිට එරෙහිව බ්‍රසීලියා හා බොගෝටා අගනගර වලදී නඩු පැවරීම සිදු කර ඇත්තේ 28 සඳුදා ය.

බ්‍රසීලයේ, කොලොම්බියාවේ, ආජන්ටිනාවේ, චිලියේ සහ පෙරූ දේශයේ මුල් පෙලේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් ITJP හා එක්වී නඩුව පවරා තිබේ.

යුද්ධයේ අවසන් අදියරේ දී උතුරේ ආරෝග්‍යශාලා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ, ඝාතන සිදු කළ, දහස් ගණනක් ජනතාව අතුරුදහන්කිරීමට සහ හිංසනයට ලක් කළ හමුදා බලසේනා ජගත් ජයසුරියගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

ජයසුරිය වන්නි මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ 2007 සිට 2009 කාල පරිච්චේදය තුල 100,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය වුයේ යැයි ගණන් බලා ඇති බව අපරාධ නඩුවේ ප්‍රකාශ වී තිබේ.

ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට පරාජය කළ අවසන් යුද සමය තුල සාමාන්‍ය වැසියන් 70,000ක් අඩුම වශයෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව එක්සත් ජාතීන් ගේ වාර්තා පෙන්වා දෙයි.

ජෙනරාල් ජයසූරිය වන්නි මෙහෙයුම දියත් කළේ වධකාගාරයක් ලෙසට කුප්‍රකට වව්නියාවේ “ජෝසප් කෑම්ප්” නමින් හඳුන්වන වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සිටය.

එම කඳවුරේ සිට වද දීම් වලටත් ලිංගික හිංසාවටත් ලක් ව දිවි බේරා ගත් ගණනාවක් ලබා දුන් තොරතුරු රැස් කොට ගෙන ඇති ITJP ය එම අපරාධ සම්බන්ධයෙන් හිටපු හමුදාපති වරයා විධාන වගකීම දැරූ බව අවධාරණය කරයි.

“ තමන් දැනුවත්ව මෙම කඳවුර තුල වද හිංසා සිදු නොවූ බව කිසිසේත්ම ජගත් ජයසුරිය හට පැවසිය නොහැකියි. මාංචු, දම්වැල් සහ මිනිසුන් දෙකකුලින් එල්ලන ආම්පන්න සහිත භූගත වධකාගාර එහි තිබුණා,” යනුවෙන් ITJP හි විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසයි.

Jagath Jayasuriya