ඉස්සල්ලා එයාගේ අයියා මැරුවේ කවුද කියලා හොයන්න…සූප්‍රීම් උසාවියේ නඩුකාරවරු ඉදිරියේ තමයි මම දිව්රුම් දුන්නේ..චන්ද්‍රිකාගේ අධ්‍යාපණ සුදුසුකම් අන්න එස්. බී ගෙන් අහන්න

1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අද (31) කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන්නා…

“අධිකරන ඇමතිවරියට තියනවා ලොකු වැඩ රාජකාරියක් බාර දීලා. ඒ තමයි අධිකරණය මෙහෙයවන්න හා නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවලා සතුරාට විරුද්ධව වැඩ කරන්න. හැබැයි මම එයාට කියනවා ඔක්කෝටම ඉස්සල්ලා එයාගේ අයියා මැරුවේ කවුද කියලා හෙව්වොත් ගොඩක් හොදයි කියලා.”

“ඔක්කෝටම ඉස්සල්ලා ජගත් ජයසූරියට අධිකරණයේ නඩු දාපු එක ගැන මාධ්‍යයත් මීට වඩා මේ ගැන කතා කරන්න ඕන. මම හිතන්නේ මේකෙන් අපේ අයිතියක් නැති කරලා තියනවා. මහා ත්‍රස්තවාදයක් අවසන් කරපු මිනිසුන්ට විරුද්ධව මේ විදියට වැඩ කරන්න දෙන්න පුළුවන්ද කියන එක තමයි අපේ ප්‍රශ්නය. මහලොකුවට කැබිනට් මණ්ඩලයේ නම් ඉන්නවා හමුදාපති එයා කියනවා එයා තනියම තමයි මේක කළේ කියලා.ඉතින් එයාලා හා අනිවාර්යයෙන් රජය මෙයට මැදිහත් වෙන්න ඕන.”

මෙහිදි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනිය රාජපක්ෂ පවුලේ 8 පාස් නැති බවට කරන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු වශයෙන්,

“අනේ ඔව්, සූප්‍රීම් උසාවියේ නඩුකාරවරු ඉදිරියේ තමයි මම දිව්රුම් දුන්නේ. ඉතින් එතුමාල තමයි ඒක මගෙන් අහන්න ඕන. ඔය මුළු පවුලම ගැන ඉතින් මම කියන්න ඕන නැහැනේ. රටේ ජනතාව දන්නවානේ. මෙහෙම එපා චන්ද්‍රිකා, මෙහෙම එපා, මට කියන්න තියෙන්නේ එච්චරයි. මේ වෛරය ක්‍රෝධය එයාට වයසට යනවා පේනවා. එතුමියගේ ඉගනීම ගැන මම කියන්න යන්නේ නෑ. අන්න එස්. බී ගෙන් අහන්න ඕන,”

Mahinda Rajapaksa

1 COMMENT

Comments are closed.