රන්ජන් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක්….හමුදාපති මහේෂ්ට ඇමෙරිකාවේ ආශීර්වාදය!ෆොන්සේකා ,මහේෂ් ,සින්නයියාට නැති යුද අපරාධ චෝදනා ජගත් ජයසූරියට පමණක් ඇයි?

0

රන්ජන් රාමනායකත් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් බව මේජර් අජිත් ප්‍රසන්න පවසයි. ඊයේ (31)මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් අජිත් ප්‍රසන්න සදහන් කළේ රන්ජන් දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් විම හෙතුවෙන් ඔහු මාධ්‍ය හරහා රටේ අධිකරණය, නීතිය, විනිසුරුවරුන් දූෂිතයි යනුවෙන් විවේචනය කරන බවත් ඒ අනුව අපේ රටේ පවතින දූෂිත තත්ත්වය නිසා යුද අපරාධ චෝදනා විග්‍රහයට ජාත්‍යත්නර යන්න සිද්ධ වෙන බවයි.

“තිස් අවුරුදු යුද්ධයේ ප්‍රතිඵල ලෙස රණවිරුවන් 28,000ක් දිවි පිදුවා. 14,000ක් ආබාධිතයන් වුණා. එමෙන්ම වැන්දඹුවන්, දරුවන් අහිමි වූ මවුවරුන් අදටත් කඳුළු බොමින් ජීවත් වෙනවා. මානුෂීය මෙහෙයුමේදී වන්නි ආඥාපතිව කටයුතු කළ ජගත් ජයසූරියට එල්ල කළ චෝදනාව සමස්ත රණවිරුවාටම කළ බලපෑමක්.”

“අපි මේ යුද අපරාධ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා වගේම මේ සියල්ල පිටුපස්සේ ඉන්නේ දෙමළ ඩයස්පෝරාව බවත් මම වගකීමෙන් කියනවා. ”

“ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණ ව්‍යපෘතියෙන් තමයි ජනරාල් ජගත් ජයසූරියට මානව හිමිකම් නඩු පවරලා තියෙන්නේ. දැනට බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරලා තියෙනවා. ඊට අමතරව ආජන්ටිනාව ඇතුළු තවත් රටවල් 4ක 5ක නඩු පැවැරීමේ සූදානමක් තියෙනවා. ඒ අනුව දරුස්මාන් වාර්තා, බැන්කි මූන්ගේ ක්‍රියාකලාපයන් පක්ෂග්‍රාහී, දෙමළ ඩයස් පෝරාවට හිතවත්, ඇමෙරිකාවට පක්ෂග්‍රාහී. ජගත් ජයසූරියට බ්‍රසීල තානාපති විදියට ඇමෙරිකාවට යන්න වීසා ලැබෙන්නෙ නැහැ. නමුත් එලෙස වීසා ප්‍රතික්ෂේප නොවුණු දෙන්නෙක් ඉන්නවා. ඒ මහේෂ් සේනානායක වත්මන් යුද හමුදාපති හා ට්‍රැවිස් සින්නයි හෙවත් වත්මන් නාවික හමුදාපති. මහේෂ් සේනානායක කියන පරිදි ඔහු යුද්ධයේ අවසාන භාගයේ කොටි පරද්දන සැලසුම් සකස් කළා. නමුත් ඔහුට ඇමෙරිකාවට යන්න වීසා විතරක් නෙවෙයි ලක්ෂ 15ක් පමණ උපයන රැකියාවකුත් ලැබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ සැණින් මහේෂ් සේනානායක නව ධුරයේ වැඩ අරඹන්නේ වසර 05ක හිඟ වැටුප්ද සහිතවයි. එයින්ද නොනැවතී හමුදා ජේ‍යෂ්ඨ ලේඛනයේ අටවැනි තැන හිමිකරගෙන සිටි ඔහු පළමු තැනට පත් වෙනවා. ඒ සඳහා ඇමෙරිකාවේ ආශීර්වාදය තියෙනවා.”

“මේ සම්බන්ධයෙන් හුදෙකලා සටනක් කරලා බැහැ. ඒ නිසයි අපි දේශපාලන පක්ෂයක් එක්ක එකතු වුණේ. අද රටේ කාන්තාවන්ට නියෝජයක් ලැබුණා. රට වෙනුවෙන් දිවි පරදුවට තැබූ, දිවි පිදූ රණවිරුන්ටත් නියෝජනයක් අවශ්‍යයි. රටේ ලක්ෂ 20ක් පමණ රණවිරු ප්‍රජාව ඉන්නවා. අපි ඉල්ලන්නේ දේශපාලන අයිතියක්. ඒ නිසා අපි අපේ දේශපාලන ගමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රණවිරු අංශය ලෙස ඉදිරියට යනවා.”

Ajith Prasanna