ජෙනරාල් බිළිදෙන්න ෆීල්ඩ් මාර්ෂල් සුදානම්…ජගත් ජයසූරියගේ යුධ අපරාධ සාක්ෂි ෆොන්සේකා ගාව

0

හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යුද සමයේ සිදුවූ ඇතැම් අපරාධවලට සම්බන්ධ බැවින් ඊට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

අද (01) මාධ්‍ය හමුවක් පවත්වමින් සරත් ෆොන්සේකා සදහන් කළේ හමුදාපති ධුරයේ කටයුතු කරන කාලයේ ඊට අදාළව ලැබුණු තොරතුරු තමන් සතුව පවතින බවයි. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් මෙලෙස සාක්ෂි දීමට සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය, සරත් ෆොන්සේකා සඳහන් කළා.

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා අද හමුවීමෙන් අනතුරුව හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනා.

Field Marshal Sarath Fonseka