සරත් ෆොන්සේකා රටට ආදරයක්‌ නැති අයෙක්….එජාප සමග ඉන්නකම් පක්‍ෂයේ සම්මේලනයට යන්නේ නෑ

1

හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා රටට ආදරයක්‌ නැති පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.ඊයේ (01 ) පස්‌වරුවේ කොළඹ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ෆොන්සේකා අමාත්‍යවරයා ජගත් ජයසුරිය සම්බන්ධයෙන් කල ප්‍රකාශය පිළිබඳව කල විමසිමකදි හිටපු ජනාධිපතිවරයා මෙම පිළිතුර ලබාදුන්නා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්‌ඩු කරනතෙක්‌ පක්‍ෂයේ සම්මේලනයට සහභාගිවීමට හැකියාවක්‌ නැතැයිද් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අවධාරණය කල අතර පක්‍ෂ සම්මේලනයට සහභාගි වන ලෙසට එවන ලද ආරාධනා පත්‍රය ඊයේ ලැබුණු නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ තම මන්ත්‍රී කණ්‌ඩායම ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් තමන්ද සහභාගි නොවන බවයි ඔහු සදහන් කළේ.

1 COMMENT

Comments are closed.