ගබ්සාව නීති ගත කිරීමට රජය පියවර ගෙන නෑ…විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක්…

0

ගබ්සාව නීති ගත කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයි යන්නෙහි සත්‍යතාවක් නොමැති බවත් එය ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසි වාරයේදී කරුණු දෙකක් මත පදනම් වූ යෝජනාවක් පමණක් බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

දැරියක බලහත්කාරයෙන් දූෂණයට ලක් විම මත හට ගන්නා කළලයක් හෝ කිසියම් හේතුවක් මත විකෘති ලෙස පිහිටි කළලයක් පමණක් විද්‍යාත්මක වශයෙන් ඒ බව තහවුරු වූ පසු එය ගබ්සාවකට ලක් කළ යුතු බවට ශ්‍රි ලංකා පරාජන්ම සංගමය අදහසක් පළ කොට ඇතත් මෙතෙක් එවන් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් වී නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එසේ යෝජනාවක් ලැබුණු පසු එය ඉදිරි කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා දූෂණයක් හේතුවෙන් දැරියකට මව් පදවිය හිමි කිරීම සහ විකෘති කළලයකින් උපදින විකෘති තැනැත්තෙකු මෙලෙවට බිහි වීම වැලක්වීම පිළිසිඳ ගැනීම් සහ කළල සම්බන්ධයෙන් විද්‍යාත්මකව විමසා බැලෙන ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කොට ඇති බවද සෞඛ්‍ය ඇමතිවරයා පෙන්වාව දෙනවා.

විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවත් එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයිද අමාත්‍යවරයා සදහන් කළා.