Home / Featured / හිටපු හමුදාපති උතුරේ විතරක් නොවේ දකුණෙත් ඝාතන කළා… හිරගෙදරදි අහිංසකයෝ 25 දෙනෙක් ඝාතනයට අණ දුන්නා….මේ පාර රාජපක්ෂලා හිරේ දැම්මාට විස්කි බොතල් කොට්ටේ යට නෑ….

හිටපු හමුදාපති උතුරේ විතරක් නොවේ දකුණෙත් ඝාතන කළා… හිරගෙදරදි අහිංසකයෝ 25 දෙනෙක් ඝාතනයට අණ දුන්නා….මේ පාර රාජපක්ෂලා හිරේ දැම්මාට විස්කි බොතල් කොට්ටේ යට නෑ….

 හිරගෙදරදි අහිංසකයෝ 25 දෙනෙක් ඝාතනය කිරිම සදහා නියෝග  දුන්නේ ජගත් ජයසුරිය බව  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා…

“ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා මම පැහැදිළිව ප්‍රතිකේෂ්ප කළා. මම පැහැදිළිව කියපු දෙයක් තමයි කිසිම හමුදා නිලධාරියෙක් විදේශීය අධිකරණ වෙත ගෙනි යන්න ඕන නෑ කියන කාරණය. හැබැයි වැරදි කරලා තියනවා නම් ලංකාවේ නීතියට අනුව වැඩ කරන්න් ඕන කියන කාරණය. ජාත්‍යන්තරයට සහය ලබා දෙන්න අවශ්‍ය නෑ. ජගත් ජයසූරිය වගේ අයගේ ක්‍රියාමාර්ග නිසා මේ රටේ වැසියෙකුට තමයි අගතියක් වෙලා තියෙන්නේ කොහේ ගියත්. මම හැමදාම කියපු දෙයක් තමයි ජගත් ජයසූරිය ඝාතන කළා. උතුරේ පමණක් නෙමෙයි දකුණේ ඝාතන වලට පවා ජගත් ජයසූරිය තමයි නායකත්වය දුන්නේ. හිරගෙදරදි අහිංසකයෝ 25 දෙනෙක් ඝාතනය කළා. එතනට හමුදාව ඇරලා නියෝග දුන්නේ කවුද ජගත් ජයසූරිය. රතු පස්වලදි පුද්ගලයින් ඝාතනය කළා. එතනට හමුදාව ඇරලා නියෝග දුන්නේ කවුද ජගත් ජයසූරිය. ඒවට නීතිය ක්‍රියාත්මක විය යුතු නැද්ද? දැන් හිර ගෙදර ජීවිතක්ෂයට පත් වෙච්ච අයට වන්දි ගෙවනවා රජය පිලිඅරන් තියනවා එතැන ඝාතනයක් සිද්ධ වුණා කියලා. වන්දි ගෙවනවා නම් ඇයි ඝාතකයාට දඩුවම් දෙන්නේ නැත්තේ? ඒකට අර බ්‍රිගේඩියර් කෙනෙක් හිරේ දාලා වැඩක් නෑනේ. ඒ බ්‍රිගේඩියර්ට නියෝග දුන්නේ කවුද? නියෝග දුන්නේ ජගත් ජයසූරිය, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඔවුන්ට දඩුවම් දිය යුතුයි.”

චොදනාවක් තියේනවා ඔබතුමා ප්‍රභාකරන්ට කරන්න බැරි උන වැඩේ කරනවා කියලා..

“ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න හොරු ටික ඒ යුද්ධයේදි අපි කරපු කැපකිරිම් දන්නේ නැත්නම් මේ රටේ නෙවේ උන් ජිවත් වෙලා තියෙන්නේ මම ප්‍රභාකරන්ට එරෙහිව කටයුතු කරපු හැටි මේ රටේ පොඩිළමයි පවා දන්නවා.

මහින්ද මහත්තයා කියනවා එයාගේ පවුලම හිරේ දැම්මත් ඉදිරියේදි ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා කියලා…

එයා ඉතින් දවල් හීන දකිනවා …එයා හිතන් ඉන්නේ එයා රිමාන්ඩ් එකේ ඉදලා තියෙනවා ..ඒ කාලේ නිදියන්න යනකොට කොට්ටේ යට තියේනවාලු විස්කී බොතලේ… එයා හිතනවා ඇති මේ පාරත් හීරේ දැම්මොත් ඒ කාලේ හිරේ හිටියා වගේ ජොලියේ ඉන්න පුලුවන් කියලා…ඒයාට වැරදිලා මේදා හිරේ දාන්නේ එයාට ජොලියේ ඉන්න අපි ඉඩ දෙන්නේ නෑ….

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...