Home / Featured / අවුරුදු දෙකාමාරේ, රැකියා ලක්ෂ 4යි, නිවාස ලක්ෂ 2යි, ඉන්ධන මිල 22%කින් අඩු කළා…ඊලග අවුරුදු තුනේ මේ රටේ ණය පාලනය කරනවා….

අවුරුදු දෙකාමාරේ, රැකියා ලක්ෂ 4යි, නිවාස ලක්ෂ 2යි, ඉන්ධන මිල 22%කින් අඩු කළා…ඊලග අවුරුදු තුනේ මේ රටේ ණය පාලනය කරනවා….

ඊලග අවුරුදු තුනේ මේ රටේ ණය පාලනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදි සදහන් කළා.

“අද මම මේ උත්සවයට එද්දි සංවර්ධනය නිසා ප්‍රමාද වුණා. අපි රාජගිරියේ ගුවන් පාලමක් ඉදිකරනවා. ඒ ගුවන් පාලම ලග වාහන තදබදයක් තිබුණා. ඉතින් මේක තමයි සංවර්ධනය. මෙතෙක් කල් අත ගහපු නැති සංවර්ධනයක් අපි හදනකොට ඉදලා හිටලා පොඩි තදබදයක් ඇති වෙනවා. රාජපක්ෂ යුගයේ මේ ගැන කතා කළා. අවුරුදු 10ක් කතා කළා සල්ලි තිබුණේ නෑ. අපේ ආණ්ඩුව බලයට ආවා. ස්පාඤ්ඤයෙන් ආධාර ලබා ගත්තා ඔන්න තියනවා ගුවන් පාලම. මේ එක උදාහරණයක්. රට වටේ බලනවා නම් මට ඕන තරම් උදාහරණ පෙන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි එකක් කිව්වා අපේ කාලයේ මේ රටේ ණය බර නැති කරනවා කියලා. දැන් ටිකෙන් ටික ණය පාලනය පටන් ගෙන අපි ඊලග අවුරුදු තුනේ මේ රටේ ණය පාලනය කරනවා. ඒ නිසා අනාගත පරම්පරාවට ඒ බර යන්නේ නෑ. මේ රටේ රැකියා බිහි කරනවා කිව්වා මේ වෙනකොට විධිමත් අංශයේ හා අවිධිමත් අංශයේ මේ වෙනකොට රැකියා ලක්ෂ 4ක් බිහි කරලා තියනවා. සමහර ඒවා හොද රැකියා හොදට ගෙවන ඒවා. සමහර ඒවායේ ආදායමෙන් එතරම් තෘප්තිමත් වෙන්නේ නෑ. කොහොමහරි ජීවත් වෙන්න පුළුවන්. අපිට දැන් තියෙන්නේ ඒ ආදායම වැඩි කරන ගමන් තරුණයන්ට හොද රැකියා ලබලා දෙන්න. ඒ නිසා පළමුවෙන්ම රැකියා 4යි. මෙන්න අපේ පළමුවෙනි අවුරුදු දෙකාමාරේ කරලා තියන දේ. රැකියා ලක්ෂ 4යි, නිවාස ලක්ෂ 2යි, ඉන්ධන මිල 22%කින් අඩු කළා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20, 000 ගානේ දුන්නා, රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. ඒ වගේම අධික අපරාධ අඩු කරලා තියනවා.”

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *