කලාකරුවන් ලබන සොච්චම් ආදායමටත් මේ ආණ්ඩුව බදු ගහනවා…මාමා පටන් ගත්ත වැඬේ බෑනා හොඳට කරනවා…

0

කලාකරුවන්ට ජීවත්වෙන්න තිබෙන්නේ ඉතාම සොච්චම් ආදායමකින් බවත් එම ආදායමෙන් බදු ගෙවිම කල නොහැකි බව රංගන ශිල්පිනී දීපානි සිල්වා සමාජවාදී කලා සංගමයේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

ආණ්ඩුව ගෙනාපු අලූත් බදු පනතෙන් කලාකරුවන්ටත් විශාල ලෙස බදු පනවලා. රටේ පුරවැසියන් ලෙස කලාකරුවන්ද ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. නමුත් කලා කටයුතු වෙනුවෙන් කලාකරුවන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී ආණ්ඩුව බදු ගහන එක වැරදියි. මේ ආණ්ඩුව කිසිවක් කලාකරුවන්ට සිය නිර්මාණ කටයුතු සඳහා කිසිම පහසුකමක් ලබා දීලා නැහැ. මීට කලින් පැවති පනතට අනුව කලා ක්‍ෂේත‍්‍රයේ විවිධ ක්‍ෂේත‍්‍ර බදුවලින් නිදහස් කරලා තිබුණා. නමුත් අලූත් පනතින් සෑම ක්‍ෂේත‍්‍රයක්ම බදුවලට යටත් කොට තිබෙනවා. අද නාට්‍ය කලාව ඇතුළු සියලූම කලාවන් කිසිම පහසුකමක් නැතිව අසරණ තත්වයට පත්වෙලා. එහෙම තත්වයක් යටතේ නාට්‍යකරුවන් ඉතා වෙහෙසක් දරා බිහි කරන නිර්මාණවලට බදු ගැහුවාම කලාවට අත්වන ඉරණම මොකක්ද? ඒ නිසා මේ පිළිබඳව අදහස් දක්වන්න ප‍්‍රවීණ මාධවේදියෙක් වගේම කාටුන් ශිල්පියෙක් වන විනී හෙට්ටිගොඩ, ප‍්‍රවීණ සාහිත්‍යවේදියෙක් නවකතා රචකයෙක් වුණු කීර්ති වැලිසරගේ, ප‍්‍රවීන රංගන ශිල්පි චන්ද්‍රසෝම බින්දුහේවා, ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මේ සියලූ දෙනා එකතු වුණේ කලා ක්‍ෂේත‍්‍රයට මේ නව බදු පනත නිසා මුහුණදීමට සිදුවෙලා තිබෙන තත්වය සාකච්ඡා කරන්නයි.

සාහත්‍ය කලාව, වේදිකා නාට්‍ය, චිත‍්‍රපට මේ සියලූම ක්‍ෂේත‍්‍රයන්ට මෙම බදු බලපානවා. ආණ්ඩුව කරන්නේ විශාල අසාධාරණයක්. අද චිත‍්‍රපට කර්මාන්තය ඉතාම පහතට ඇද වැටිලා. සිනමා ශාලාවල යටිතල පහසුකම් නැහැ. ටෙලිනාට්‍ය කලාවත් ඉතාම පහත් තත්වයකට වැටිලා. කලා ක්‍ෂේත‍්‍රය එවැනි තත්වයකට ඇද වැටුණේ ආණ්ඩුවේ මැදිහත්වීමක් නැති නිසා. ඒ වගේ තත්වයකට ඇද වැටී තිබෙන කලාවට, සාහිත්‍යයට මේ විදිහට බදු ගහනවා නම් එවැනි ආණ්ඩුවකින් කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

කලාකරුවන්ට ජීවත්වෙන්න වෙලා තිබෙන්නේ ඉතාම සොච්චම් ආදායමකින්. ඇත්තටම කිව්වොත් කලා කටයුතුවලින් ලැබෙන ආදායමින් ජීවත් වෙන්න අමාරුයි. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක රංගන ශිල්පියෙකුට මසකට ලැබෙන්නේ දර්ශන වාර එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. එක් අවස්ථාවකට ලැබෙන මුදල රුපියල් පන්දාහක් හයදාහක් වගේ වෙන්න පුළුවන්. සමහර මාසවල රඟපාන්න වෙන්නේ එක දර්ශන වාරයයි. තවත් සමහර මාසවල එක දර්ශන වාරයක්වත් නැහැ. එහෙම තත්වයක් තිබියදී ලැබෙන ආදායමට බද්දකුත් ගෙවලා ඊළඟ මාසයේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ කලාකරුවන්ට ජීවත් වීමට ලබාදෙන සහනයක් සේ සලකා මෙම බදු පැනවීම ඉවත් කරන ලෙසයි. මීට පෙර පැවති බදු සහන එලෙසම ලබාදෙන ලෙස මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ කිසිම ආණ්ඩුවක් කලාකරුවන් වෙනුවෙන් පොරොන්දු වූ කිසිවක් ඉටු කරලා නැහැ. කලාව වෙනුවෙන් කරනවා කියපු කිසිවක් කරලා නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න සියලූම මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලනවා මෙම අසාධාරණ බදුවලට එරෙහිව හඬ නඟන්න කියලා.

මාමා පටන් ගත්ත වැඬේ බෑනා හොඳට කරනවා…

ප‍්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා….

රංගන ශිල්පියෙකුගේ ආදායම ස්ථාවර එකක් නෙවෙයි. කලා ක්‍ෂේත‍්‍රයේ නියැළෙන නිර්මාණකරුවන්ට ලැබෙන සුළු ආදායමටත් බද්දක් අය කරනවා නම් ඒ ආණ්ඩුව ගැන කතා කරලා වැඩක් නැහැ. රටේ පුරවැසියන් ලෙස සියලූ දෙනාම වාර්ෂික ආදායම රු ලක්‍ෂ හයකට වැඩිනම් බදු ගෙවන්න සිදුවෙනවා. මෙම කලා නිර්මාණවල යෙදෙන නිර්මාණකරුවන් විශාල අසීරුතා මැද්දේ තමයි නිර්මාණ කටයුතු සිදුකරන්නේ. මමත් එවැනි දුෂ්කරතා විඳගෙන නාට්‍ය දෙකක් අධ්‍යක්‍ෂණය කළා. කොයි තරම් අසීරුතාවයක් තිබෙනවාද කියනවා නම් එම නාට්‍ය නිර්මාණ කරන්න මගේ බිරිඳගේ ස්වර්ණාභරණ පවා උගසට තබන්න සිදුවුණා. එවැනි අසීරුතා මැද්දේ වුවත් බිහි කරන නිර්මාණ රඟහල්වල තිබෙන මිල අධිකවීම් නිසා ඇතැම් ඒවායේ යටිතල පහසුකම් නොමැතිවීම නිසා වැනි විවිධ හේතු නිසා පේ‍්‍රක්‍ෂකයින් අතරට යන්නේ නැහැ. පේ‍්‍රක්‍ෂකයින් නිර්මාණවලින් ඈත්වෙමින් තිබෙනවා. එහෙම තත්වයක් තුළත් කලා ක්‍ෂේත‍්‍රයට බදු පැනවීම ඉතාම කණගාටුවට කරුණක්.

මේ බදු පනත ගැන පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් හරිහැටි දැනුවත් වෙලා තියෙනවද කියලා අපිට සැකයක් තිබෙනවා. කලා ක්‍ෂේත‍්‍රයේ ඉන්න බොහෝ කලාකරුවනුත් මෙම බදු පනත ගැන හරිහැටි දන්නේ නැහැ. එනිසා තමයි මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිදුවෙලා තිබෙන්නේ. මීට පෙර අපේ රටේ පාලකයෙක් ඇහුවා, සාහිත්‍ය කලාව කන්නද කියලා. මාමා කරපු දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ පුතා නෙවෙයි කියලා පෙන්වන්නද මන්දා. අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒ පාලකයා පටන් ගත්ත වැඬේ හරියටම කරන්න යනවා. එනිසා මේ අසාධාරණ බදු ක‍්‍රමයට එරෙහිව පාරට බහින්න කියලා අපි සියලූ දෙනාගෙන්ම ඉල්ලනවා.