Home / Featured / ඒකීයද? ෆෙඩරල්ද? වැඩක් නෑ..කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් දෙමළ ජනයාට අවශ්‍යයි..

ඒකීයද? ෆෙඩරල්ද? වැඩක් නෑ..කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් දෙමළ ජනයාට අවශ්‍යයි..

ඒකීයද? ෆෙඩරල්ද? යන්න නොව කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි.

යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ(05) පැවැති රැස්විමකින් අනතුරුව මාධ්‍ය අමතමින් සී.වී.විග්නේශ්වරන් සදහන් කළේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවයි.

“පසුගිය අවුරුදු 65 පුරා අපේ ජනතාව ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටියා…අපිට ඕන බලය බෙදීමක් ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ කියලා ඇත්ම් පිරිස් කියනවා.ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා ඒ ගැන කව්රුත් බියක් ඇති කරගත යුතු නැහැ.ඕන නම් අපිට ඉන්දියාව , බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එලඹෙන්න පුලුවන්.”

“මෙතනදී අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීර නැහැ නීත්‍යානුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්ත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳ නැහැ.”

“බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ.ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබිය යුතුයි එහෙම වුනොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුල ජීවත් වීමට අවස්ථාව උදා වෙන්නේ”

“එබැවින් උතුරේ හා නැගෙනහිර දෙමළ නිජභූමියේ ස්වයං-නිර්ණ අයිතිය ඇතිව සාමකාමීය ෆෙඩරල් විසඳුමක් සඳහා අපේ ජනතාවට ජනතාවට ලබා දෙන දෙමළ නායකත්වයේ සදාචාරාත්මක වගකීම එයයි.ඕනෑම මොහොතක, විශ්වයේ තත්වය ඒකීය රාජ්යය හරහා ඕනෑම බලයක් අපට ලබා දී ඇති බව අප අමතක නොකළ යුතුයි.”

Northern Province Chief Minister VV Vinayeswaran

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *