තිස්ස හිටිය කාලේ මැතිවරණ පරාදයි…එජාපයෙන් ගිය ගමන් අපි දින්නා…තිස්සගේ එජාප ගමන ගැන සාකච්ඡා නෑ

1

තිස්ස අත්තනායක මහතා එජාප මහලේකම්වරයා ලෙස කටයුතු කළ අවධියේදී පැවැති සියලුම මැතිවරණවලින් එජාපය පරාජයට පත්වුවද ඉන් පසුව පැවැති මැතිවරණවලින් එජාපයට ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවූ බව එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

ඊයේ (06) සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී තිස්ස අත්තනායක යලිත් එක්සත් ජාතික පක්ෂයට එක් විමට සුදානම් බවට පලවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසිමකදි මහා ලේකම්වරයා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලැබෙනතුරු එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එජාපයේ සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සලකා බැලිය නොහැකි බවයි.

පක්ෂයෙන් ආරාධනයක් ලදහොත් තමන් එජාප සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව සලකා බලන බවත්, මේ වන විට එජාපයේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු දුර්වල වී ඇති බවටත් තිස්ස අත්තනායක පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබුනා.

Tissa Attanayake

1 COMMENT

Comments are closed.