Home / Featured / 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌….අත හෝ බුලත් කොළය පෙරට එන ලකුණු

2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌….අත හෝ බුලත් කොළය පෙරට එන ලකුණු

ජාතික ආණ්ඩුවේ අරමුණු 2020 වන විට සපුරා ගත හැකි හෙයින් ඉන් පසු තව දුරටත් සභාග ආණ්ඩු පිහිටු වීමේ අවශ්‍යතාවක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.ඊයේ (07 ) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවයි.

2025 දක්වා ශ්‍රීලනිපය හා එක්ව ආණ්ඩු කිරීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන නමුත් පක්ෂය ලෙස තීරණය කර ඇත්තේ තනිව ආණ්ඩුවක් පිහිටුවීම බවත් ඒ අනුව ඉදිරියේදී අත ලකුණින් හෝ බුලත් කොළය ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බවද අමාත්‍යවරයා සදහන් කළේ.

සැප්තැම්බර් 6 වන දින,සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ජනමාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු එජාපයේ සහ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති නොගැලපෙන තත්ත්වයක මේ ආණ්ඩුවට පෙරට යා හැකිදැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කල ප්‍රකාශය..

මාධ්‍යවේදීන් ශ්‍රීලංනිපයේ ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් යන බවට මාධ්‍යවල පළවන තොරතුරු සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ රජය යටතේ අමාත්‍යවරුන්ට තිබූ බලය දැන් සීමා වී ඇති නිසා යම් යම් වරප්‍රසාද පතා පැමිණි අයට එසේ ඉන්නට එපා වී තිබිය හැකි බවය.මෙය ජනතාව වෙනුවෙන් කැපවීම් කරන්නට හැකි අයට වගකීම් දැරිය හැකි ආණ්ඩුවක් බව කී ඒ මහතා,ශ්‍රීලනිපයේ ඇතැමුන් ආණ්ඩුවේ සිට කරන විවේචන සම්බන්ධයෙන් කියා සිටියේ,මේවා ජනතාව වෙනුවෙන් අනාගතය ගැන සිතා ගත යුතු තීන්දු බවය.ඒවායේ දුක ජනතාව වෙනුවෙන් කැපවීමෙන් දරා සිටින්නට එජාපයට සිදු වී තිබෙන බව කී අමාත්‍යවරයා,නරක යැයි යන මතයකදී ආණ්ඩුවේ සිටම එජාපය විවේචනය කරන ඇතැමුන්,එජාපය ආණ්ඩුව වෙනුවෙන් ජනතාව අතර ජනප්‍රියතාවය ඇති වන වැඩක් කළ විට එය බෙදා ගැනීමට ඔවුන් පෙරට එන බවය.

නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රජය පවත්වාගෙන යාම කෙරෙහි දැඩි අවධානය යොමු කර කටයුතු කරන බව කී කබීර් හෂීම් මහතා,ඒ නිසාම මහින්ද රාජපක්ෂ මහතා වෙසක් පෝයට පෙර ආණ්ඩුව ලබා ගැනීමට කටයුතු කන බවට ප්‍රකාශ කළ ද,ආණ්ඩුව 2025 තෙක්ම පවත්වාගෙන යාමට අවශ්‍යය වැඩ සටහනද මේ රජය සකස් කළ ඇති බවය.

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

One comment

  1. Apaa penenawa eda mata kisiwak wedk ne kiwu oba kese ho balaye rendenne obalage udgoshana mata ehenne ne mage balaya nethi karanna be kiyamin.Eda Sobhitha Hamuduruwo kiwwe me aeemitha balaya gath kisiwek newatha nodun bawa.Thetiya rathweddi Sobhiha Hamuduruwo kese ho apen gilihuna,. Un Whnse Deshana kala Uthum Sathya ap es idiripita api dakinawa. Obata balaya dun pasu api sabewinma asaranai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *